‘අපේම ලෙයින් හා කඳුළින් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය සමරන්නට ඔබට කිසිදු අයිතියක් නැත’
2021-12-01 20:31:58
Share with:

‘අපේම ලෙයින් හා කඳුළින්  ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය සමරන්නට ඔබට කිසිදු අයිතියක් නැත’_fororder_0329bb618c1687cda51af3b0068aa91e

පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකාව ප්‍රමුඛ විදේශීය හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළේදී  බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව සිවිල් වැසියන්ට වෙඩි ප්‍රහාර එල්ලකළේය. එම වෙඩි තැබීම් හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ජාතික Zemarai Qurbanzada මහතාට තම පුත්‍රයා සදහටම අහිමි විය.

ඇෆ්ගනිස්ථානයේ අහිංසක ජනතාව ඝාතනය කළ ඇමරිකානු හමුදාව තවමත් දඬුවමකට ලක් වී නොමැත. ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය හමුවේ ඇමරිකාව විසින් ඊනියා ‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව’ පැවැත්වීම, නිර්ලජ්ජිත ක්‍රියාවක් බව රුසියානු උප විදේශ ඇමතිවරයෙක් පැවසීය. එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ ඝාතනයට  ලක්වූවන්ගේ ඥාතීන්ට එම සමුළුවට එක්වෙමින් හඬ නැගීමට හැකිවේද යන්න ජගත් ප්‍රජාවට ප්‍රශ්නයක් වී ඇත.

ඇමරිකාව ප්‍රසිද්ධ කළ ඊනියා ‘සමුළුවට එක්වන රටවල නාමාවලියේ’ ඇෆ්ගනිස්ථානය නොමැත. ඇමරිකාව විසින් ‘ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට’ අනුව ප්‍රතිසංස්කරණය කර පසෙක දමනු ලැබූ ඇෆ්ගනිස්ථානය එම නාමාවලියට ඇතුළත් නොවීම ඇමරිකාවේ සාපරාධී මානසිකත්වය පිළිබිඹු කරයි. ඇමරිකාව විදේශ රටවලට විකිණීමට තැත් කර ඇති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, එරට යුදමය මෙහෙයුම් ආරම්භ කිරීමේ මුවාවක් පමණකි. සමුළුව සඳහා ආරාධනා කෙරුණු රටවල්, ඇමරිකාව විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය, සැබෑ බෙදීම’ නමැති විකට නාට්‍යය සඳහා සැලකිලිමත් ව තෝරා ගත් නළුවන් පමණි.

ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් පිළිබඳව සැබවින්ම සැලකුවහොත්, ඇමරිකාව ඇ‍ෆ්ගනිස්ථාන වින්දිතයන්ගේ ඥාතීන්ටත් එම සමුළුවට ආරාධනා කළ යුතුය. ඇෆ්ගනිස්ථානයේ විද්වතෙකු එම සමුළුව පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙසේයි.  ‘අපේම ලෙයින් හා කඳුළින් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය සමරන්නට ඔබට කිසිදු අයිතියක් නැත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන