අප්‍රිකානු මහාද්වීපයේ තිරසර සංවර්ධනයට චීනයෙන් අඛණ්ඩ සහය
2021-11-30 20:19:01
Share with:

අප්‍රිකානු මහාද්වීපයේ තිරසර සංවර්ධනයට චීනයෙන් අඛණ්ඩ සහය_fororder_a6ce53951d6d2ae270aa37cd21b8e76a

පසුගිය සඳුදා පැවැත්වූ චීන අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙමින්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අප්‍රිකානු රටවල් සමග සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳ ව්‍යාපෘති නවයක් ප්‍රකාශයට පත් කළේය. එහි ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ, සනීපාරක්ෂක හා සෞඛ්‍ය ක්ෂේත්‍රයටයි. අප්‍රිකාවට තවත් කොරොනා එන්නත් බිලියනයක් සැපයීමට චීනය තීරණය කර ඇත. මෙයින් අප්‍රිකාවේ එන්නත් හිඟයට නිසි විසඳුමක් සැපයෙනු ඇතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම, දරිද්‍රතාවය පිටුදැකීම, ගැමියන්ට ප්‍රතිලාභ ලබාදීම, වෙළඳාම හා ආයෝජන ප්‍රවර්ධනය, ඩිජිටල්කරණයෙන් නවෝත්පාදන ප්‍රබෝධවත් කිරීම, හරිත සංවර්ධනය යනාදිය ද එම ව්‍යාපෘතීන්ට ඇතුළත්ය. පුළුල් පරාසයක ක්‍රියාත්මක, සවිස්තර ඉලක්ක සහිත මෙම ව්‍යාපෘති, අප්‍රිකානු රටවල වසංගත පාලන හා ආර්ථික ප්‍රතිසාධන අවශ්‍යතාවන්ට අනුකූල වේ. ඉන් ඉදිරි වසර තුන තුළ චීන අප්‍රිකානු සහයෝගිතා දැක්ම මනාව පිළිබිඹු වෙයි.

මෑත වසරවල චීන-අප්‍රිකානු මිත්‍රත්වය දෙස වපරැසින් බලා සිටින ඇතැම් බටහිර දේශපාලනඥයන් එම සම්බන්ධතාව අපහාසයට ලක්කිරීමට උත්සාහ දරා ඇත.  එහෙත් සත්‍යය ඉදිරියේ එම ප්‍රයත්නය පුස්සක් බවට පත්ව තිබේ. වර්තමානය වනවිට අප්‍රිකානු මහාද්වීපයේ ඉදිකර ඇති විවිධ දුම්රිය මාර්ග, පාලම්, පාසල්, ඉකුත් දශක කිහිපයක  චීනය හා අප්‍රිකාව අසීරුතා මඟහැර මිත්‍රත්වය තහවුරු කිරීමේ සාක්ෂි බවට පත්ව ඇත. අනාගතයට මුහුණදීම සඳහා ද, චීනය පෙර සේම අභිමානවත්ව ප්‍රතිඥා දී තිබේ. මෙසේ අප්‍රිකානු සහෝදරයන්ට දුන් ප්‍රතිඥා , චීනය උපරිමයෙන්, විශිෂ්ට ලෙස ඉටුකරනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන