ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් සිය ආධිපත්‍යය පැතිරවීමේ ඇමරිකානු ප්‍රයත්නයක්...
2021-11-29 22:31:57
Share with:

图片默认标题

රටක් සිය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ සෙසු රටවල් තුළ ප්‍රචලිත කරමින් සිය දේශපාලන ක්‍රම හා වටිනා ආකල්ප සෙසු රටවලට බලහත්කාරයෙන් පැණවීමෙන් ජාත්‍යන්තර හා කලාපීය සාමය සහ ස්ථාවරත්වය බරපතලව විනාශ විය හැකි බව, ලෝකයේ අප්‍රමාණව සිදු වූ සටන් හා අරගල මගින් යළි යළිත් ඔප්පු වී ඇතැයි, ඇමරිකාවේ චීන හා රුසියානු තානාපතිවරු ඇමරිකාවේ National Interest සඟරාවේ ඒකාබද්ධ ලිපියක් පළකරමින් පවසති. එමගින් නොබෝ කලකින් ඇමරිකාව විසින් කැඳවනු ලබන ඊනියා ‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවට’ ඔවුන් දැඩි විරෝධය පළ කර ඇත.

එම සමුළුව , ආකල්පමය සතුරුකම් උද්දීපනය කිරීමටත්, බෙදීමේ තත්ත්වයක් ඇති කිරීමටත්, සිය ආධිපත්‍යය තහවුරු කිරීමටත් ඇමරිකාව ගොනු කළ උපායක් බවත්, එය සීතල යුද්ධ චින්තනය යළි පණගැන්වීමට ගත් උත්සාහයක් බවත් ලෝ වැසියන්ට පැහැදිලි වී තිබේ.

දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ලෝකය තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ මුවාවෙන් කණ්ඩායම් දේශපාලනය මුළුමනින් සිදුකළේ ඇමරිකාවයි. ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ප්‍රචලිත කිරීමේ නාමයෙන් සෙසු රටවල්වල අහිංසක ජනතාව ඝාතනය කළේ ඇමරිකාවයි. චීන මානව හිමිකම් පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවට අනුව, දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමේ සිට වසර 2001 දක්වා ලෝකයේ ප්‍රදේශ 153ක හටගැනුණු සන්නද්ධ ගැටුම් 248ක් අතරින් ඇමරිකාව විසින්ම දියත් කරනු ලැබූ සංඛ්‍යාව 201කි. Yugoslavia පෙඩරල් සමූහාණ්ඩුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම, ඉරාකය හා ලිබියාව යන රටවලට යුදමය ක්‍රමවලින් මැදිහත්වීම වැනි ඇමරිකාව විසින් මෙහෙයවන ලද ඊනියා ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ’ වලින් සිවිල් වැසියන් විශාල පිරිසක් ඝාතනයට ලක්වූ අතර  තවත් පිරිසක් තුවාල ලැබූහ. එමෙන්ම එම මැදිහත්වීම් එකී රටවල දැඩි ආර්ථික අලාභ හානියට ද තුඩු දී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු, රටවල් සතු පොදු වටිනාකමක් මිස, එය ඇමරිකාවේ දේශපාලන මෙවලමක් නොවේ. වෙනත් රටවල් ආක්‍රමණය කිරීමේදී සිදුකළ අපරාධ මෙන්ම කලාපීය බෙදීමේ තත්ත්වයක් ඇති කිරීමේදී සිදු වූ විනාශයන්  ඉදිරියේ, වොෂින්ටනයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මතයක් පළකිරීමට ලැජ්ජා නොමැතිදැයි ප්‍රශ්න කළ යුතුව තිබේ.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන