දිනෙන් දින වර්ධනය වන චීන අප්‍රිකා සබඳතාව
2021-11-27 18:40:00
Share with:

පසුගිය දා අප්‍රිකාවේ ප්‍රකට සමීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකට අනුව අප්‍රිකාවේදී චීනයේ බලපෑම ඉතා විශාලය. ගත වූ අඩ සියවසකට වැඩි කාලය තුළ චීනය හා අප්‍රිකාව විවිධ කාල වකවානු තුළ සැප දුක දෙකෙහි සිටීම ඊට හේතුවයි.

පසුගිය 26වන දින චීන රජය නව යුගයේ චීන-අප්‍රිකානු සහයෝගතා ධවල පත්‍රිකාව නිකුත් කර ඇත. එම ධවල පත්‍රිකාව මගින් චීන-අප්‍රිකානු සහයෝගතාවන් අත්කර ගත් සරු ප්‍රතිඵල සමාලෝචනය කෙරිණ. චීනය ස්වකීය සංවර්ධනය ඉදරියට ගෙන යන අතර අප්‍රිකානු රටවල තිරසර සංවර්ධනයට සහය ලබා දීමට කටයුතු කර තිබේ. චීන-අප්‍රිකානු සහයෝගතා සාකච්ඡා සභාව ස්ථාපිත කර මේ දක්වා චීනයේ ආධාර සහිතව අප්‍රිකාවේ අලුතින් ඉදි කළ දුම්රිය මාර්ග කිලෝමීටර් 10 දහසක් ද , මහ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ද , පාලම් දහසක් ද , වරායන සිය ගණනක් ද , සන්නිවේදන ජාල කිලෝමීටර් එක් ලක්ෂ 50 දහසක් ද වේ.  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය අප්‍රිකානු රටවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශාල වශයෙන් ආධාර ලබා දී ඇත. එමෙන් ම ඩිජිටල් ආර්ථිකය, අජටාකාශ හා ගුවන් සේවා සහ පවිත්‍ර බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල චීනය හා අප්‍රිකාව තව තවත් සහයෝගතා පවත්වයි. චීනය අප්‍රිකාව වෙනුවෙන් විද්‍යා තාක්ෂණික ප්‍රවීණයන් විශාල සංඛ්‍යාවක් පුහුණු කර තිබේ. කොවිඩ් වසංගතය හමුවේ චීනය අප්‍රිකානු රටවලට කඩිනමින් විවිධාකාර ආධාර ලබා දී ඇත. මේ වන විට චීනය අප්‍රිකානු රටවලට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා කෝටි 20ක් චීනය විසින් සපයා දී තිබේ. 2020 වසර අවසානයේ අප්‍රිකානු රටවල් 15කට ලබා දුන් පොලී රහිත ණය සියල්ලම අහෝසි කළ බව චීනය ප්‍රකාශ කර තිබිණ.

චීන-අප්‍රිකානු සම්බන්ධතා ඉතා ශක්තිමත්ව ඇත්තේ එක් රැයකින් නොවේ. දිගු කාලයක් තිස්සේ දෙපාර්ශ්වය එකිනෙකාව අවබෝධ කර එකිනොකාට සහය ලබා දීම එම සම්බන්ධතා ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන