ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකම මිස සුළුතර රටවල් කිහිපයක පේටන්ට් බලපත්‍රයක් නොවේ
2021-11-26 09:57:38
Share with:

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකම මිස සුළුතර රටවල් කිහිපයක පේටන්ට් බලපත්‍රයක් නොවේ_fororder_20211125212817569

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළුවට" සහභාගි වන ලෙස තායිවාන බලධාරීන්ට ආරාධනා කරන බව ඇමරිකානු රාජ්‍ය මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් "තායිවාන ස්වාධීන බලවේගය" බලාත්මක කිරීම, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින්, එකම චීනය යන මූලධර්මය උල්ලංඝනය කරමින්, ගැටුම් හා භේද ඇතිකිරීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට සිදුවන ලොකුම හානියයි. චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වේ.

ඇමරිකා-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියා ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වය මෙන්ම මෙම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළුව ගෝලීය බලලෝභී නායකත්වය තහවුරු කිරීම සහ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඇමරිකාව ගත් පියවරක් බව විශ්ලේෂකයන් විසින් පෙන්වාදෙනු ලැබ තිබේ. ඊට සහභාගි වන ලෙස තායිවාන බලධාරීන්ට ආරාධනා කිරීම චීනය කෙරෙහි පීඩනයක් එල්ල කිරීමකි.

එකම චීනය යන මූලධර්මය ජාත්‍යන්තර සබඳතාව පිළිබඳ විශ්වීය  සම්මතයකි. චීනයේ කොටසක් වීම හැර තායිවානයට වෙනත් ජාත්‍යන්තර නීතිමය පිළිගැනීමක් නොමැත.

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකම මිස සුළුතර රටවල් කිහිපයක පේටන්ට් බලපත්‍රයක් නොවේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන