අධික උද්දමනය මත ඇමරිකානුවන් සමරන Thanksgiving දිනය
2021-11-24 21:29:52
Share with:

එළඹෙන බ්‍රහස්පතින්දා ඇමරිකානු ජාතිකයන් Thanksgiving උත්සව දිනය සමරනු ඇත.  එම උත්සව දිනය සඳහා කෑම මේස මත තිබෙන ප්‍රධානම ආහාරය වන්නේ පිලිස්සූ කළුකුම් මස් ය. මෙවර Thanksgiving උත්සව දිනයේ ඇමරිකානුවන් පෙර නොවූ විරූ මිළ අධික කළුකුම් මස් අනුභව කරන බව වාර්තා වේ. රාත්තල් 8ත් 16ත් අතර බරැති ශීතකළ කළුකුමෙකුගේ තොග මිල පසුගිය වසරට වඩා 21%කින් ඉහළ ගොස් ඇතැයි ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. මෙවර Thanksgiving භෝජන සංග්‍රහය වෙනුවෙන් ඇමරිකානුවන්ට අධික ලෙස වියදම් කිරීමට සිදු වන බව "New York Times" පුවත්පත පවසා ඇත්තේ එබැවිනි.

මිළ අධික Thanksgiving භෝජන සංග්‍රහය ඇමරිකානු ජනතාව අධික භාණ්ඩ මිළ දරන අසීරුතාවේ එක් උදාහරණයක් පමණි. ඇමරිකාවේ ආහාර පාන පමණක් නොව බලශක්ති හා මෝටර් රථ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩවල මිළ ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.අදාළ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ ඇමරිකාවේ උද්ධමනය ගෙවී ගිය වසර 31 තුළ ඉහළ ම මට්ටමට ළඟ වී තිබේ.

මීට පෙර ඇමරිකානු රජය ඩොලර් ට්‍රිලියනයකට වැඩි මුදලක් වැය කරමින් ක්‍රියාත්මක කළ ආර්ථික උත්තේජක සැලැස්ම රටේ පාරිභෝගික ඉල්ලුම උත්තේජනය කර තිබිණ. එහෙත් අසාර්ථක වසංගත පාලනය හේතුවෙන් ඇමරිකාවේ ශ්‍රම වෙලඳපොලේ ප්‍රකෘතියට බාධා එල්ල වී ඇත. මීට අමතරව, වත්මන් ඇමරිකානු රජය  පසුගිය රජය විසින් චීනය මත පනවන ලද ඉහළ තීරුබදු දිගටම රඳවා තබා ගැනීම, එය ඇමරිකාවේ භාණ්ඩවල ඉහළ මිල ගණන් වලට තවත් හේතුවක් වී තිබේ. ඇමරිකාව චීනය මත පනවා ඇති අතිරේක තීරුබදු හේතුවෙන් එරට ආනයනකරුවන්ට ඇමරිකානු ඩොලර් බිලියන 110 කට වැඩි අලාභ හානි සිදු වී ඇත. චීනය මත පනවා ඇති අතිරේක තීරුබදු ඇමරිකානු ව්‍යවසායන්වලට සහ පවුල්වලට ඉහළ භාණ්ඩ මිල දරා ගැනීමට හේතුවක් වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන