ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ඊනියා අප්‍රිකානු වේදනාව
2021-11-24 14:36:32
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ඊනියා අප්‍රිකානු වේදනාව_fororder_40540563765de70957c630109f533c12

අප්‍රිකානු රටවල්, සෙසු රටවල් සමග පවතින හවුල්කාරීත්වය සීමාකිරීමට කැමැත්තක් නොමැති බව පවසන ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken, ‘ඇතැම් රටවල් සැපයූ යටිතල පහසුකම් ගිවිසුම් හේතුවෙන් අප්‍රිකානු රටවල ණය අර්බුදය දිනෙන් දින ඉහළ යාම පාලනය කළ නොහැකි වී ඇතැයි’ද ප්‍රකාශ කර තිබේ.  ඒ, පසුගියදා ඔහු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේදීය. ඔහුගේ මෙම ප්‍රකාශය සැබවින්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එරෙහි එකක් බව ඇතැම් වි‍ශ්ලේෂකයන්ගේ අදහසයි.

එහෙත්, අප්‍රිකාවේ සංචාරය කරද්දී Antony Blinkenට දැනුණු ආකාරයට, චීනය හා අප්‍රිකාව අතර සමගි මිත්‍රත්වය හා සමීප සහයෝගිතාවට මැදිහත්වීමට කිසිදු හිඩැසක් නොමැත. ඔහුගේ වාහන පෙළ නයිරෝබි නගරයේ චීන ආයෝජනයෙන් ඉදිකෙරුණු අධිවේධී මාර්ගය මත ධාවනය වනවිට, ඔහු නයිජීරියාවේ අබුජා ගුවන්තොටුපළෙන් පිටවුණු වහාම චීන පොදු වාණිජ මහ ගොඩනැගිල්ල  දුටු විට, සෙනෙගාල්හිදී නොබෝ කලකින් පැවැත්වීමට නියමිත චීන අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා සභාවේ ඇමති සමුළුව සඳහා පවතින උණුසුම් වාතාවරණය දැනුණු විට, ඔහු ඉහත අදහස් පළ කළේ පූර්ණ විශ්වාසයක් ඇතිව ද?

සත්‍ය තත්ත්වය විසින් Antony Blinkenගේ අපහසුතාව අනාවරණය කර ඇත. නයිජීරියානු විදේශ ඇමතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම අදහස මුහුණට මුහුණ පැවති සංවාදයේදීම නිෂේධ කළේය. ‘චීන ජාතිකයින් සමග සහයෝගිතාව පවත්වන්න විශාල අවස්ථා අපට හිමිවුණා. විශාල පරිමාණ ඉංජිනේරු ව්‍යාපෘති හා යටිතල පහසුකම් ව්‍යාපෘති අතින් ඔවුන්ට පුළුල්  අත්දැකීම් තිබෙනවා.’  යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. මේ අතර දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පුවත්පතක් වන The Citizen වාර්තා කර  ඇත්තේ ද, ‘ඇමරිකාව ලෝකයේ විශාලතම ආර්ථිකය වුවද, අප්‍රිකානු රටවල නායකයන්ට ඇඟිලි දික්කර නියෝග කිරීමේ අයිතියක් එරටට නැත. ඕනෑම රටක් සමග සබඳතා පැවැත්වීමේ අයිතිය අප්‍රිකානු රටවල් සතුයි’ යනුවෙනි.

මිත්‍රත්වයේ ඇති වටිනාම දෙය, අවංකකමයි. දිගු කාලයක් තිස්සේ ඇමරිකාව අප්‍රිකාවට ආධාර දීමට පොරොන්දු වුවද ඒවා ක්‍රියාවට නංවා නැත. නැතිනම් ඒවාට දේශපාලන කොන්දේසි පණවා ඇත. ඊට හේතුව, ඇමරිකාව, අප්‍රිකාවේ සංවර්ධනය පිළිබඳව හෝ එහි ජනජීවිතය යහපත් කිරීම පිළිබඳව කිසිවිටෙක නොසිතා එම භූමිය සිය භූගෝලීය දේශපාලන මෙවලමක් ලෙස පමණක් යොදා ගැනීමයි.  

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන