චීන-ආසියන් සංගම් පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය චීනය හා ආසියන් සංගමය අතර සහයෝගීතාවය සඳහා වන නව සංධිස්ථානයක්
2021-11-23 10:54:06
Share with:

චීන-ආසියන් සංගම් පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය චීනය හා ආසියන් සංගමය අතර සහයෝගීතාවය සඳහා වන නව සංධිස්ථානයක්_fororder_rBABDGGb2ImAM0tBAAAAAAAAAAA790.1000x562

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(22) වීඩියෝ ආකාරයෙන් චීන-ආසියන් සංගම් සංවාද සබඳතාව ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සර සමුළුවට එක්වෙමින්, ‘ චීන-ආසියන් සංගම් පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කරන බව ’ නිල වශයෙන් ප්‍රකාශ කළේ ය. මේ සමග, චීනය හා ආසියන් සංගමය අතර සහයෝගීතාවය සඳහා වන නව සංධිස්ථානයක් උදා වීමට අපේක්ෂිත ය.

ෂී ජින් පිං මහතා චීනය හා ආසියන් සංගමය අතර අනාගත සබඳතා කෙරෙහි යෝජනා 5ක් ඉදිරිපත් කළේ ය. සාමය, ආරක්ෂාව, සංවර්ධනය, පරිසර හිතකාමී බව, මානව හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ සහයෝගීතා තහවුරු කිරීමේ දැක්ම හා ක්‍රියා සැළසුම් එම යෝජනා 5 මගින් පිළිබිඹු කෙරේ.

නව කොරොනා වසංගත පාලනය වත්මන් ප්‍රමුඛතම අවශ්‍යතාවකි. ඒ සඳහා මෙම සමු‍ළුවේ දී ෂී ජින් පිං මහතා නව පියවර රැසක් ප්‍රකාශයට පත් කළේ ය. ආසියන් සංගමයට අයත් රටවලට යළි නව කොරොනා එන්නත් මාත්‍රා කෝටි 15ක් පරිත්‍යාග කිරීම, ආසියාන් සංගම් වසංගත පාලන අරමුදලට තවදුරටත් ඇ.ඩො. මිලියන 5ක් සැපයීම ඊට ඇතුළත් ය.

එමෙන් ම, චීන-ආසියන් සංගම් නිදහස් වෙළඳ කලාප අනුවාදය 3.0 එනම්  "කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම" හැකි ඉක්මණින් ක්‍රියාක්මක වීමටද  චීනය යෝජනා කළේ ය. ඉදිරි වසර 5 තුළ, ඇ.ඩො. බිලියන 150ක වටිනාකමෙන් යුත් කෘෂිකාර්මික නිපැයුම් ආසියන් සංගමයෙන් ආනයනය කිරීමට චීනය  අපෙක්ෂා කරයි.

නව ආරම්භයක සිට, ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි දක්වන අභිලාෂය සැලකිල්ලට ගනිමින්, පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය ප්‍රායෝගික ව අනුගමනය කිරීමත් සමග, චීනය හා ආසියන් සංගමය එක්ව වඩාත් විශාල සමෘද්ධියක් නිර්මාණය කරනු නොඅනුමානය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන