ගෝලීය පොදු නිෂ්පාදනය වන "එක තීරයක් එක් මාවතක්" වැඩි පිරිසකට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා කරමින් පවති
2021-11-20 19:17:55
Share with:

ගෝලීය පොදු නිෂ්පාදනය වන "එක තීරයක් එක් මාවතක්" වැඩි පිරිසකට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා කරමින් පවති_fororder_国际锐评|这一全球公共产品正让更多人过上好日子

චීනයේ තුන්වන "එක තීරයක් එක් මාවතක්" ඉදිකිරීම් සංසදය ඊයේ (19)බෙයිජිං නුවරදී පැවැත්විණ. චීන ජනාධිපති ෂි ජින් පීං මහතා එම සංසදය අමතමින් ජනතාවගේ ජීවනෝපායට ප්‍රතිලාභ ලබාදීම "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනේ වැදගත් ඉලක්කයක් බව අවධාරණය කළේය. සැබැවින්ම මෙය, වසර අටකට පෙර චීනයේ මූලික අභිප්‍රාය ද විය. පසුගිය වසර 8 තුළ, "එක් තීරයක්, එක් මාවතක්" මුලපිරීම නිශ්චිත පියවර ඔස්සේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ අත්කරගෙන අදාළ රටවල ජනතාවට යහපත් ප්‍රතිලාභ ලබා දී තිබේ .

සියවසකින් නොදුටු ලෝකයේ ප්‍රධාන වෙනස්කම් අද වන විට වසර අටකට පසු වේගවත් වී තිබේ . "එක් තීරයක් එක් මාවතක්"  ඒකාබද්ධ ඉදිකිරීම් තවමත් වැදගත් අවස්ථාවන්ට මුහුණ දෙමින් සිටින නිසා  අතර ජාත්‍යන්තර පරිසරය වඩවඩාත් සංකීර්ණ වෙමින් පවතී. මේ සඳහා ක්‍රියාකාරීව අභියෝගවලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි ෂී ජින් පීං මහතා පෙන්වා දුන්නේය  .

ජනාධිපතිවරයා මෙම සංසදයේදී "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙලේ උසස්  සංවර්ධනය මත, වැදගත් ඉදිරි පියවර සකස් කළේය. පසුගිය වසර අට තුළ "එක් තීරයක් එක් මාවතක්" ඉදිකිරීම්වල සාර්ථක අත්දැකීම්වලින් පමණක් නොව, වර්තමාන තත්ත්වය මත පදනම්ව ගැලපීම් සහ වැඩිදියුණු කිරීම් සිදුකරමින්, ලෝකයට වඩා හොඳ ප්‍රතිලාභයක් සඳහා ප්‍රබල ශක්තියක් සපයා තිබේ.

ලෝක බැංකු වාර්තාවේ ඇගැයීමට අනුව, 2030 වන විට "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහන ලොව පුරා මිලියන 7.6 ක ජනතාවකට අන්ත දරිද්‍රතාවයෙන් මිදීමට සහ මිලියන 32 ක ජනතාවකට මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් මිදීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. චීන ජනතාව තමන්ට යහපත් ජීවිතයක් පමණක් නොව, ලෝකයේ මිනිසුන්ගේ යහපත් දිවිපැවැත්ම ද අපේක්ෂා කරන බව කාලය ඔප්පු කර ඇති අතර, එය අනාගතයේදී තවදුරටත් සනාථ වනු ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන