ලිතුවේනියාව ද්‍රෝහිකමේ සියලු ප්‍රතිවිපාක දරාගත යුතුය
2021-11-19 16:25:17
Share with:

ලිතුවේනියාව ද්‍රෝහිකමේ සියලු ප්‍රතිවිපාක දරාගත යුතුය_fororder_《国际锐评》:立陶宛必须承担背信弃义的一切后果

චීනයේ දැඩි විරෝධය සහ නැවත නැවතත් සිදුකෙරුණු ඒත්තුගැන්වීම් නොතකා, ලිතුවේනියා රජය තායිවාන බලධාරීන්ට ඊනියා "තායිවාන නියෝජිත කාර්යාලය" පිහිටුවීමට අනුමැතිය ලබා දී තිබේ. මෙම පිළිකුල් සහගත ක්‍රියාව එකම චීනය යන  මූලධර්මය අමුඅමුවේ උල්ලංඝනය කරන අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වී  දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ නිවේදනයේ දේශපාලන කැපවීම ප්‍රතික්ෂේප කරයි. චීන රජය  රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගනු ඇත. එයින් ඇතිවන සියලු ප්‍රතිවිපාක සඳහා ලිතුවේනියාව වගකිව යුතුය.

ලිතුවේනියාව තමන්ගේ ක්‍රියාමාර්ගය  අවධාරණය කරයි. එකම චීනය යන මූලධර්මය විවෘතව උල්ලංඝනය කර චීනයට එරෙහිව කරන ප්‍රකෝප කිරීම්වලින් ලිතුවේනියානු දේශපාලඥනයින්ගේ උපායමාර්ගික අදූරදර්ශී බව මුලුමනින්ම හෙළිදරව් වී ඇත.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවයි. ලිතුවේනියාවේ තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම එකම චීනයට අයත් වීම මෙය කිසිවිටෙක වෙනස් නොකරනු ඇති අතර හරස් චීනය නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාව වැළැක්විය නොහැක. ලිතුවේනියාවටම හානි ගෙන දෙන එය ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපකීර්තියට පත්වීමට ද හේතු වනු ඇත.

එකම චීනය යන  මූලධර්මය ජාත්‍යන්තර සම්මුතියකි .එමෙන්ම චීනයට අනෙකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දේශපාලන පදනමකි. රට යළි එක්වීම සාක්ෂාත් කර ගැනීම සඳහා චීන රජයේ සහ ජනතාවගේ අධිෂ්ඨානය නොසැලෙන බවත්, රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ රතු ඉර නොඉක්මවන ලෙසත් චීනය නැවත නැවතත් දැනුම් දී තිබේ .

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාවගේ දැඩි අධිෂ්ඨානය, ස්ථිර කැමැත්ත මෙන්ම  ශක්තිමත් හැකියාව කිසිවෙකු අවතක්සේරු නොකළ යුතුය!

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන