එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය
2021-11-18 15:32:11
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන චීනයේ ෂින්ජියං උයිගුර්  ස්වායත්තය_fororder_微信图片_20211118150139

චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව චීනයේ ආජන්ටිනා තානාපති Sabino Vaca Narvaja මහතා පෙන්වා දෙයි. ඔහු එසේ පැවසුවේ පසුගියදා පැවති 2021 චීනයේ ෂින්ජියං සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සභාව අමතමිනි. ෂින්ජියං උයිගුර් ස්වායත්තය, සියැසින් දැක සත්‍යය තේරුම් ගත හැකි යැයි ද ඔහු පවසයි. Sabino Vaca Narvaja තානාපතිවරයාගේ කතාව ජගත් ප්‍රජාවේ පොදු අදහසේ පිළිබිඹුවකි.

ෂින්ජියං උයිගුර් ස්වායත්තය, සේද මාවත ආර්ථික තීරයේ කේන්ද්‍රීය කලාපය ලෙස ගොඩනැගීමට වසර 2015වේ චීන රජය තීරණය කළේ ය. අද වන විට ෂින්ජියං ප්‍රදේශය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වන රටවල් සමග හුවමාරු  පැවැත්වීමේ වැදගත් මාර්ගයක් බවට පත් වී තිබේ. එම ප්‍රදේශය, බටහිර චීනය ලෝකයට විවෘත කරමින් සම්පූර්ණ විවෘත සමස්තයක් සංවර්ධනය කිරීමේ වැදගත් කොටසක් බවට පත් වී තිබේ.

නවීකරණ සංයෝගාත්මක ගමනාගමන පද්ධතියක් සහිත ෂින්ජියං ප්‍රදේශය, ලෝකය වෙත චීනයේ බටහිර ප්‍රදේශය ප්‍රදර්ශනය කිරීමේ වැදගත් කවුළුවක් වී ඇතැයි චීනයේ ලාඕස තානාපතිනි Khamphao Ernthavanh මහත්මිය පවසා ඇත.

දැනට ෂින්ජියං ප්‍රදේශය සිදු කරන විදේශ සහයෝගතාවන්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වන රටවල් හා ප්‍රදේශ 50ක් පමණ ආවරණය වී තිබේ. ඉන්දුනීසියානු Antara පුවත් ඒජන්සියේ බෙයිජිංහි ශාඛා ආයතනයේ ප්‍රධානී MUHAMMAD IRFAN ILMIE මහතා ෂින්ජියං ප්‍රදේශයට දෙවරක් පැමිණ නිරීක්ෂණ චාරිකාවල නිරත විය. එම ප්‍රදේශය සේද මාවත ආර්ථික තීරයේ කේන්ද්‍රීය කලාපය ලෙස ගොඩනගා ගැනීමට උත්සාහ දරමින් විවිධ කර්මාන්ත සංවර්ධනය කර ගනිමින් පවතින බව ඔහු සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

විවෘතභාවයෙන් වැඩිම වාසී ලබා ඇත්තේ ෂින්ජියංහි පුරවැසියන්ය. මෙම වසරේ මුල් කාර්තු තුන තුළ ෂින්ජියං ප්‍රදේශයේ නිෂ්පාදන වටිනාකම, යුවාන් ට්‍රිලියන 1.1ක් වූ අතර පසුගිය වසරේ එම කාලයට වඩා එය සියයට 8.8ක වැඩි වීමකි. නාගරික හා ගම්බද වැසියන්ගේ උපයෝජ්‍ය ආදායම වෙන් වෙන් ව සියයට 9කින් හා සියයට 11.5කින් වර්ධනය විය.

මෙවන් සත්‍ය හා දත්ත ඉදිරියේ බටහිර ලෝකයේ චීනයට විරුද්ධ බලවේගයන් ගොනු කළ ‘බලහත්කාරයෙන් වැඩ ගැනීම’ ‘ජන වාර්ගික සංහාරය’ වැනි කතා, හාස්‍යයක් බවට පත් වී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන