චීනය හා ඇමරිකාව නිවැරදි ලෙස ඇසුරු කිරීමේ මාර්ගයක් සොයා ගැනීම, ජගත් සම්බන්ධතාවයේ වැදගත්ම කාර්යයයි-- චීන ජනපති
2021-11-17 14:00:52
Share with:

චීනය හා ඇමරිකාව නිවැරදි ලෙස ඇසුරු කිරීමේ මාර්ගයක් සොයා ගැනීම, ජගත් සම්බන්ධතාවයේ වැදගත්ම කාර්යය බවට චීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ජගත් ප්‍රජාවේ දැඩි සැලකිල්ලට_fororder_db0513a5f9892e9ea009b662e70c6311

ඉදිරි වසර පනහ තුළ චීනය හා ඇමරිකාව එකිනෙකා සමග නිවැරදි ලෙස ඇසුරු කිරීමේ මාර්ගයක් සොයා ගැනීම, ජගත් සම්බන්ධතාවයේ වැදගත්ම කාර්යය බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. හෙතෙම එසේ පැවසුවේ 16 වනදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග වීඩියෝ තාක්ෂණයෙන් පැවති හමුවේදී ය. එම ප්‍රකාශය ජගත් ප්‍රජාවේ දැඩි සැලකිල්ලට ලක් විය. වැදගත් ඓතිහාසික මොහොතක චීනයේ හා ඇමරිකාවේ නායකයින් විසින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයට මඟපෙන්වනු ලැබීම, ජගත් ප්‍රජාවේ අපේක්ෂාවට ගැලපේ.

වත්මන් චීන ඇමරිකා සම්බන්ධතාව හරස් සංධිස්ථානයක පිහිටා තිබේ. මෙවැනි පසුබිමක් යටතේ චීන ඇමරිකානු නායකයින් සංවාද පැවැත්වීම, එකිනෙකා කෙරේ අනවබෝධය වළක්වමින් සහයෝගතා ප්‍රවර්ධනය කිරීමට හිතකර බව නිසැකය.

ඇමරිකානු චීන සම්බන්ධතාවය ව්‍යාකූල වීමට ඉඩ නොදිය යුතු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවේදී පැවසීය. චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමටත් සන්ධාන සම්බන්ධකම් ශක්තිමත් කිරීමෙන් චීනයට විරුද්ධ වීමටත් ඇමරිකාව තැත් නොකරන බව ඔහු කීය. චීනය සමග ගැටුම් ඇතිකර ගැනීමට කැමැත්තක් නොදක්වන ඇමරිකාව තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කිරීමෙහි නිරත වන බෙදුම්වාදීන්ට අනුබලය නොදක්වන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ පැවසූ ‍කරුණු එසේම අනුගමනය  කළ යුතු බවත්, ඇමරිකාව සිය ක්‍රියාවන් මගින් චීන ජනතාවගේත් ජගත් ප්‍රජාවේත් විශ්වාසය හිමිකර ගත යුතු බවත්ය.

චීනය හා ඇමරිකාව, සාගරය මත යාත්‍රා කරමින් පවතින විශාල නෞකා දෙකක් ලෙසට ෂී ජින්පිං මහතා උපමා කළේය. එම නෞකා දෙක සුළං රැලි හමුවේ පොදුවේ ඉදිරියට යාත්‍රා කරමින්, නියමිත දිශාවෙන් ඈත්වීම හෝ නියමිත වේගය වෙනස් කර ගැනීමෙන් තොරව එකිනෙකා ගැටීම ද වැලැක්විය යුතු බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත. ඇමරිකාව සිය ප්‍රායෝගික මෙහෙයුම් මගින් දෙරටේ නායකයින්ගේ හමුවෙන් එකඟ වූ කරුණු ක්‍රියාවට නංවමින් චීනය සමග අදහස් හුවමාරු හා සහයෝගතා පුළුල් කිරීමට චීනය බලාපොරොත්තු වේ. චීනය හා ඇමරිකාව යන දෙරට තම දේශීය කටයුතු මනා ලෙස පාලනය කරමින් තමා විසින් භාර ගත යුතු ජගත් වගකීම් ද මනාව ඉටු කළ යුතුය. එය දෙරටේත් විවිධ රටවලත් ජනතාවගේ පොදු අභිලාෂය බව ද හෙතෙම  පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන