ජගත් ප්‍රජාව වෙත ප්‍රබල සංඥා නිකුත් කරන චීන හා ඇමරිකා ජනාධිපතිවරුන් අතර වීඩියෝ හමුව
2021-11-17 11:25:49
Share with:

ජගත් ප්‍රජාව වෙත ප්‍රබල සංඥා නිකුත් කරන චීන හා ඇමරිකා ජනාධිපතිවරුන් අතර වීඩියෝ හමුව_fororder_2021-11-17 1

චීන - ඇමරිකානු ජනාධිපතිවරුන් අතර විඩියෝ හමුවක් 16 වෙනිදා පැවැත්විණ. පැය තුනක‍ට අධික කාලයක් පැවති හමුව පෙර සැලසුම් කළ කාලය ඉක්මවා ගියේය. හමුව තුළ දෙරටේ ජනාධිපතිවරුන් බොහෝ වරක් වි‍ශේෂ කාල ඛාණ්ඩාංකයක් සඳහන් කළහ.

චීන - ඇමරිකානු සබඳතා 1971 දී  යළි ප්‍රකෘති වූ අතර එතැන් සිට අද දක්වා වසර 50 ක් ගත වී ඇත. පසුගිය වසර 50 තුළ ජාත්‍යන්තර සබඳතාවල වැදගත්ම සිදුවීමක් වූයේ චීන - ඇමරිකානු සබඳතා යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සංවර්ධනය කිරීම බවත්, එය දෙරටට මෙන්ම ලෝකයටත් ප්‍රයෝජනවත් වූ බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. ඉදිරි වසර 50 තුළ, ජාත්‍යන්තර සබඳතාවල වැදගත්ම කාර්යය නම්, චීන ඇමරිකා සබදාතාවට නිවැරදි මාර්ගයක් සොයා ගැනීමය.

වසර 5,000 කට පෙර සිටම චීනය විශාල රටක්  බව ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා එම හමුවේදී සඳහන් කළේය. ලෝකය වඩා හොඳ තැනක් කිරීම සඳහා තරුණ පරම්පරාව එකිනෙකා සමඟ වඩාත් සම්බන්ධ වීම සහ එකිනෙකාගේ සංස්කෘතීන් තේරුම් ගැනීම දිරිමත් කළ යුතු බව හෙතෙම පැවසීය.

වර්තමානයේ චීනය සහ ඇමරිකාව සංවර්ධනයේ තීරණාත්මක අවධියකට පැමිණ ඇත. චීන - ඇමරිකානු සබඳතා වර්ධනය කිරීමේ අත්දැකීම් සහ උගත් පාඩම් සාරාංශගත කරමින්, චීනය සහ ඇමරිකාව නව යුගයේ අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවය හා පොදු ජයග්‍රහණය යන මූලධර්ම තුනකට අනුගත විය යුතු බව මෙම වීඩියෝ හමුවේදී ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන