යටත්විජිතවාදය ක්‍රියාත්මක නොකිරීම, යුද්ධ ආරම්භ නොකිරීම, ගැටළු ඇති නොකිරීම යන ලක්ෂණ සහිත චීන නවීකරණ මාර්ගය සාර්ථක වී ඇත්තේ කෙසේ ද? මෑතකදී නිකුත් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ 6 වැනි සැසිවාරයේ නිවේදනය පෙන්වා දී ඇති පරිදි , චීන කොමියුනිස්ට් පක්ෂයට ජනතාව මෙහෙයවා චීන නවීකරණ මාර්ගය ගවේෂණය කර ගැනීමට හැකි වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට නවීකරණය ළඟා කර ගැනීමේ මාර්ග පුළුල් කිරීමට ද සමත් වී තිබේ.
ඉතිහාසයේ දී යුරෝපීය රටවල් හා ඇමරිකාව නවීකරණ සංවර්ධන මාවත අනුගමනය කිරීම ප්‍රථමයෙන්ම ආරම්භ කර තිබිණ. එම රටවල නවීකරණ ක්‍රමය, බටහිර සිද්ධාන්තවාදීන් විසින් නවීකරණය ඉටු කිරීමේ අනන්‍ය ක්‍රමය ලෙස සැලකේ. එහෙත් යුරෝපීය රටවල් හා ඇමරිකාව නවීකරණය ඉටු කිරීමේදී යටත්විජතවාදය හා ආක්‍රමණය සිදු කළ බව සත්‍යයකි. නවීකරණය සැබෑ කිරීමෙන් පසු වුවද එම රටවල, කැපී පෙනෙන ඇති නැති පරතරය හා සමාජයීය බෙදීම් මතු වී ඇත. එම ක්‍රමය ලොව සියළු රටවලට ගැලපෙන ක්‍රමයක් නොවන අතර එය වෙනත් රටවලට සෘජුව බද්ධ කළහොත් පරාජයට මුහුණ දෙනු ඒකාන්ත බව පැහැදිලිය.
සරලම කියමනකින් මේ පිළිබඳව පහදා දිය හැකිය. එනම්, පාවහන් දෙපාවලට ගැලපෙනවා ද නැද්ද යන්න දැන ගත හැක්කේ තමාට පමණය. පසුගිය සියවසක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව මෙහෙයවා චීනයට සුදුසුම නවීකරණ මාවතක් සිය පා ගමනින්ම ගවේෂණය කර ගෙන තිබේ. වෙනත් රටවල ක්‍රම සෘජු හා සම්පූර්ණයෙන් හඳුන්වා නොදී තම රටේ තත්ත්වයට ගැලපෙන සංවර්ධන මාර්ගය සොයා ගෙන අනුගමනය කිරීම, එහි වැදගත්ම අත්දැකීමයි. ජනතාව කේන්ද්‍ර කර ගනිමින් තමාට ගැලපෙනම මාවත මත ගමන් කිරීම, නිවැරදිම ක්‍රියාමාර්ගයය.
‘චීන නවීකරණ මාර්ගයේ’ ජය, සිය ක්‍රම අපනයනය කිරීම හා දේදුනු විප්ලවයන් මෙහෙයවීමට උනන්දුවෙන් සිටින බටහිර රටවලට පාඩමකි. නවීකරණය, සුළුතර රටවලට ආවේණික අයිතියක් නොවේ.සෙස කරුණ නම්, තමාගේ සංවර්ධන රටාවන් අනුන්ට නොපැණවිය යුතුය. නවීකරණයේ නාමයෙන් සෙසු රටවල් පැහැර ගනිමින් එම රටවල සංවර්ධන අයිතීන් අහිමි නොකළ යුතුය.