චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් චීන ජනතාව, ජනතාවගේ රටේ හිමිකාරීත්ව ස්ථානය පිළිබඳ මාර්ගයේ ඉදිරියටම
2021-11-13 19:09:55
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් චීන ජනතාව, ජනතාවගේ රටේ හිමිකාරීත්ව ස්ථානය පිළිබඳ මාර්ගයේ ඉදිරියටම_fororder_微信图片_20211113190907

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු කවරක් ද? පසුගියදා නිකුත් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන මධ්‍යම කාරක සභාවේ 6 වැනි සැසිවාරයේ නිවේදනය, චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවර්ධනය සම්පිණ්ඩනය කළ අතර පූර්ණ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරමින් ජනතාවගේ රටේ හිමිකාරීත්වය පිළිබඳ ස්ථානය සහතික කරන බව අවධාරණය කර ඇත. එය, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අර්ථයට ගැලපේ. ජගත් ප්‍රජාව චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී රටාව කෙරේ වඩාත් ගැඹුරු අවධානය හා නිරීක්ෂණය  ආරම්භ කළේ මේ හේතුවෙනි.

චීන සමාජයට නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න, සම්පූර්ණ හඳුන්වා දෙන ලද්දක් නොවේ. චීනයේ දීර්ඝ ඉතිහාසය තුළ චාම් ප්‍රජාතන්ත්‍රවාදී චින්තනය පෝෂණය වී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමෙන් පසු අඛණ්ඩව මනා දෙස් විදෙස් දේශපාලන ශිෂ්ටාචාරාත්මක ප්‍රතිඵල උරුම කොට ගෙන ජනතාවගේ රටේ හිමිකාරීත්වය පිළිබඳ ස්ථානය සහතික කිරීමෙහි නියැළී සිටියි. විශේෂයෙන් වසර 2012හේ සිට චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය අඛණ්ඩව දියුණු කර පූර්ණ ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් සිය පා සටහන් මගින්ම නිර්මාණය කර ඇත. එම ප්‍රජාතන්ත්‍රවාදී රටාව තුළ, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡා ප්‍රජාතන්ත්‍රවාදය,  සමාජයීය ප්‍රජාතන්ත්‍රවාදය, බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සාධක ඇතුලත් වී තිබේ. චීන ජනතාවට පුළුල්ම, සැබෑම හා ඵලදායිකම ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විඳීම සහතික කර ඇත්තේ එම සම්පූර්ණ ක්‍රමවේදයන් මගිනි.

‘රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද ‍එසේ නොවේ ද යන්න රඳා පවතින්නේ ජනතාව සැබවින්ම රටේ හිමිකාරයා ද එසේ නොවේ ද යන්න මතයි’, ‘ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගත යුත්තේ ජනතාවගේ ගැටළු විසඳීමට  මිස, සැරසිල්ලක් වශයෙන් නොවේ.’ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ එවන් පහදාදීම්, බාහිර ලෝකයට චීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අවබෝධ කර ගැනීමට රන් යතුරකි.

අනාගතයේදී චීන කොමියුනිස්ට් පක්ෂය මානව ශිෂ්ටාචාරයේ සියළු යහපත් ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කරනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් චීන ජනතාව, ජනතාවගේ රටේ හිමිකාරීත්ව ස්ථානය පිළිබඳ මාර්ගය මත ස්ථිරව ඉදිරියට ගමන් කරනු ඇත.‍‍‍‍

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන