චීනය සැමදා බැහැර කරන අධිපතිවාදය
2021-11-12 21:31:17
Share with:

චීනය සැමදා බැහැර කරන අධිපතිවාදය_fororder_微信图片_20211112212056

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, එම වැඩපිළිවෙළට එක් වන රටවල ජනතාවගේ වඩාත් සුන්දර ජීවිතයක් නිර්මාණය කිරීමට උපකාර වේ. එහෙත් එම වැ‍ඩපිළිවෙළේ ප්‍රවර්ධනය බටහිර ලෝකයේ ඇතැම් සීත යුධ චින්තනය දරන අයගේ සැකයට හේතු විය. ඔවුන් තමාගේ ස්වභාවයෙන් හා තර්කයෙන් අනුන්ගේ ක්‍රියා විශ්ලේෂණය කරමින් චීනය මෙමගින් කලාපීය ආධිපත්‍යය සිදු කරමින් සිටින බවට ප්‍රකාශ මතු ක‍ර ඇත. එහෙත් එවන් කියමන්වලට කිසිදු සාක්ෂියක් හා හේතුවක් නොමැත. එක් තීරයක් එක් මාවතක් වැ‍ඩපිළිවෙළ අවබෝධ කර ගැනීමට නම්, ප්‍රථමයෙන් ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ලෝකය පිළිබඳ වටිනාකම් සංකල්පය අවබෝධ කර ගත යුතුය.

11 වනදා නිකුත් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 6 වන පූර්ණ සැසි‍යේ නිවේදනය, ජගත් ප්‍රජාව දිගු කලක් පුරා සැලකිල්ලට ලක් වන ප්‍රශ්නයක්, එනම් චීන කොමියුනිස්ට් පක්ෂයට ජයග්‍රහණ ළඟා කර ගැනීමට හැකි වූයේ කෙසේ ද යන්න සඳහා පිළිතුරක් සපයා ඇත.  ‘මුළු ලෝකය හා මුළු මානවයා සිතට ගැනීම’ යන්න, චීන කොමියුනිස්ට් පක්ෂයේ වැදගත් අත්දැකීමක් මෙන්ම එය එම පක්ෂයේ ලෝකය පිළිබඳ වටිනාකම් සංකල්පයේ නිරූපනයකි.

ලෝකයට දායක වන රටක් මිස, ලෝකයේ ආධිපත්‍ය රටක් නොවීම,  ආරම්භ වූ දා සිට මේ දක්වා අනුගමනය කෙරෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ ශ්‍රේෂ්ඨ මූලධර්මයයි. නව චීනය පිහිටුවීමෙන් පසු චීනය සටනක් ආරම්භ කර නොමැත. ගැටුමක් ඇති කර නොමැත. සෙසු රටක දේශභූමියෙන් අඟලක්වත් හෝ ආක්‍රමණය කර නොමැත.

චීන කොමියුනිස්ට් පක්ෂයට සිය ජනතාව මෙහෙයවා අන්ත දිළිඳුකම තුරන් කොට සුවපහසු සමාජයක් ගොඩනැගීමට හැකි විය. ලෝකයේ දරිද්‍රතාව පිටුදැකීමේ ව්‍යායාමයට චීනය සියයට 70ක් කැප විය. ලෝක ආර්ථික වර්ධනයට චීනය සිදු කළ දායකත්වය  වසර 15ක් පුරා ලොව පළමු ස්ථානයේ පසු වේ. වසංගතය උවදුරක් සේ පැතිර යන වර්තමානයේ චීනය හැකි සෑම අයුරකින් ම සෙසු රටවලට උපකාර දක්වා ඇත.

චීන ජාතිකයින්ගේ රුධිරයේ , ආක්‍රමණය, ආධිපත්‍යය පිළිබඳ ජානයක් නොමැත. චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘ශබ්ද කෝෂයේ’ අතීතයේ සිට අනාගතය දක්වා, ‘ආධිපත්‍යය’ යන වචනයක් නොමැත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන