චීන- ඇමරිකා ද්විපාර්ශ්වික සබඳතාව යළි විධිමත් විය හැක්කේ ඇමරිකාව, තායිවාන බලධාරීන් සමඟ සිදුකරන ඕනෑම ආකාරයක නිල හුවමාරු වහාම නතර කළහොත් පමණක් බව චීනය කියයි
2021-11-12 10:42:46
Share with:

චීන- ඇමරිකා ද්විපාර්ශ්වික සබඳතාව යළි විධිමත් විය හැක්කේ ඇමරිකාව, තායිවාන බලධාරීන් සමඟ සිදුකරන ඕනෑම ආකාරයක නිල හුවමාරු වහාම නතර කළහොත් පමණක් බව චීනය කියයි_fororder_2e2eb9389b504fc29148c95969918e1890ef6d28

තායිවානයේ ආත්මාරක්ෂක හැකියාව සහතික කිරීමට ඇමරිකාව ප්‍රතිඥා දී ඇති අතර බොහෝ රටවල් ඒකපාර්ශ්විකව සන්නද්ධ බලය භාවිත කිරීමෙන් පවතින තත්ත්වය කඩාකප්පල් කිරීම සාමය හා සුරක්ෂිතතාවට ප්‍රධාන තර්ජනයක් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා පසුගිය දා පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය. කෙසේ වෙතත්, පසුගිය මස අග පැවති චීන-ඇමරිකා ඉහළ පෙළේ හමුවේදී ඔහු ප්‍රකාශ කළේ "එකම චීනය යන ප්‍රතිපත්තිය ඇමරිකාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන" බවයි. ඇමරිකාවේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයාට මෙවැනි දෙයක් කළ හැකි ද යන්න ප්‍රශ්නයකි.

එකම චීනය යන මූලධර්මය පිළිගන්නා අතරම ඊට සහයෝගය දක්වන රටවල් සංඛ්‍යාව 180ක් බව Antony Blinken මහතා දැන ගත යුතුය.මෙය සැබෑ ජාත්‍යන්තර සම්මුතියකි. ඇමරිකාව ඒකපාර්ශ්විකව සම්පාදනය කළ "තායිවානය සමග ඇති සබඳතාව පිළිබඳ පනත" නීති විරෝධී සහ වලංගු නොවේ. එය ඇමරිකාවේ අභ්‍යන්තර නීතිය ජාත්‍යන්තර යුතුකමට වඩා ඉහළින් තැබීමකි.

තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකා සබඳතාව තුළ පවතින වැදගත්ම හා  සංවේදීම ප්‍රශ්නයයි. ද්විපාර්ශ්වික සබඳතාව නැවතත් විධිමත් විය හැක්කේ ඇමරිකාව තායිවාන බලධාරීන් සමඟ සිදුකරන ඕනෑම ආකාරයක නිල හුවමාරු වහාම නතර කළහොත් පමණකි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන