ආසියා ශාන්තිකර කලාපයට නව බලාපොරොත්තුවක් ගෙන දෙන චීන ජනාධිපතිවරයා ‍ගේ දේශනය
2021-11-11 20:01:58
Share with:

ආසියා ශාන්තිකර කලාපයට නව බලාපොරොත්තුවක් ගෙන දෙන චීන ජනාධිපතිවරයා ‍ගේ දේශනය_fororder_src=http___fsnews.hangzhou.com.cn_group1_M00_46_D1_rB4AiWGL9GWAPNGaAADeMX4mRR4381&refer=http___fsnews.hangzhou.com

ලෝක ආර්ථිකයේ වැදගත් වර්ධනීය සාධකයක් ලෙස, ආසියා ශාන්තිකර කලාපය දැනට වසංගතයෙන් හා දේශපාලනයෙන් එල්ල වී ඇති අභියෝගයන්ට මුහුණ පාමින් සිටියි. එහි තිබූ වාසිය, තවදුරටත් පවත්වා ගෙන යා හැකි ද? චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එපෙක් සංවිධානයේ කාර්මික හා වාණිජ නායකයින්ගේ සමුළුවට දේශනයක් කරමින් ඊට ස්ථිර පිළිතුරක් ලබා දුන්නේය. එනම් ‘ලෝකය කෙසේ වෙනස් වුවද ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික නම්‍යශීලිත්වය හා බලවත් ශක්තිය වෙනස් නොවේ.’

ආසියා ශාන්තිකර කලාපය දැනට නව අවස්ථාවලට මෙන්ම නව අභියෝගයන්ට ද මුහුණ දී තිබේ. වසංගතය හමුවේ වුවද එම කලාපයේ ආර්ථිකය ප්‍රථමයෙන්ම පුනරුත්ථාපනය වීමෙ තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ‘කලාපීය පරිපූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම’(RCEP)‍, ‘අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වය සඳහා වන පරිපූර්ණ හා ප්‍රගතිශීලී ගිවිසුම’ (CPTPP) යන බහුපාර්ශ්වික ක්‍රමවේදය එහි ආර්ථික ප්‍රතිසාධනයට නව ජවයක් එකතු කර ඇත.

මෙවන් පසුබිමක ඇමරිකාව සීතල යුධ චින්තනය හා ආධිපත්‍ය ස්ථානය සහතික කිරීමේ අවශ්‍යතාව මත ආසියා ශාන්තිකර කලාපයේ ‘සිව්පාර්ශ්වික ක්‍ර‍මවේදය’, ‘ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගතාව’ යන කණ්ඩායම් දේශපාලනයෙහි නියැළී සිටියි. එය එම කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය හා සංවර්ධන සහයෝගතාවන්ට තර්ජනයක් එල්ල කර තිබේ.

මේ පිළිබඳව චීන ජනාධිපතිවරයා පැහැදිලිව පෙන්වා දුන්නේ ‘ආසියා ශාන්තිකර කලාපය සීතල යුධ කාලයේ තිබූ එදිරිවාදිකම් හා බෙදීමේ තත්ත්වයට ආපසු පත් නොවිය යුතු’ බවයි. විවිධ පාර්ශ්වයන් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ ඉලක්කය කරා ස්ථිරව පා තබන ලෙස ඔහු ආයාචනය කරයි. ‘වසංගතය සමග පූර්ණ ශක්තියෙන් සටන් කිරීම’, ‘විවෘතභාවය හා සහයෝගතාවෙහි නිරත වීම’, ‘හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’, ‘නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවීම’ යන සිව්වැදෑරුම් යෝජනාව ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදි. එය ආසියා ශාන්තිකර කලාපය මුහුණ දෙන සංවර්ධන ගැටළුවට මනා විසඳුමකි. එම කලාපයට අවශ්‍ය පටිපාටිය සහතික කිරීම සඳහා ඉන් දිශාව පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන