ගෝලීය ආර්ථිකය හා වෙළඳාමේ අසීරුතාවන් මග හැරවීමට එන්ජිමක් වූ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2021-11-10 21:24:51
Share with:

ගෝලීය ආර්ථිකය හා වෙළඳාමේ අසීරුතාවන් මග හැරවීමට එන්ජිමක් වූ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය_fororder_20211110201535205

රුසියාවේ ආහාර නිෂ්පාදන ව්‍යාපාර චීනයේ පැවති ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ මාර්ගගත අලෙවි වේදිකාවෙන් තත්පර කිහිපයක් තුළ  යුවාන් මිලියන ගණනාවක් උපයා ගත්තා.’ -- මේ Russian Newspaper පුවත්‍පතේ මෑතකදී පළ වූ වාර්තාවක ‍කරුණකි. සිංගප්පූරු‍වේ Zaobao පුවත්පත, තම රටේ ව්‍යාපාරිකයින් හතර වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මගින් වාණිජ අවස්ථා සොයා ගැනීමේ උනන්දුව පිළිබඳව සවිස්තරාත්මකව වාර්තා කර ඇත.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ආකර්ෂණය හා ප්‍රාණවත්භාවය අවබෝධ කර ගෙන ඇත්තේ එම රටවල් දෙකේ ව්‍යාපාර පමණක් නොවේ. ඇ.ඩො. බිලියන 70.7ක වසරක ගනුදෙනු කැමැත්ත, එම වේදිකාව මගින් ගෝලීය ව්‍යාපාර ලබා ගත් අස්වැන්න ලෙස හඳුන්වා දිය හැකිය.

වසංගතය මතු වීමෙන් පසු සිංගප්පූරුවේදී කිසිදු ආහාර ප්‍රදර්ශනයක් පවත්වා නොමැත. වෙනත් රටවල බොහෝ ජාත්‍යන්තර ප්‍රදර්ශන ද අත්හිටුවිණ. මෙම පසුබිම යටතේ චීනය නියමිත සැලැස්මට ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වූ බැවින් එය සිංගප්පූරුවේ ව්‍යාපාරයන් ගුණාත්මක සහයෝගතා හවුල්කරුවන් සමග ඇසුරු කිරීමේ මනා අවස්ථාවක් ලෙසට සැලකේ. සිංගප්පූරු වාණිජ හා කාර්මික ඒකාබද්ධ සංගමය ව්‍යාපාර 45කින් සමන්විත කණ්ඩායමක් මෙහෙයවා මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක් විය.  

හොඳ අස්වැන්න දිනා ගත්තේ සිංගප්පූරුව පමණක් නොවේ. දෙස් විදෙස් ව්‍යාපාර 1000ක් පමණ එළඹුණු සහයෝගතා අපේක්ෂාවන් 200ක් පමණ අතරින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවල් විශාල පරිමාණ ඇණවුම් ලබා ගෙන ඇත. මේ අතර ඌන සංවර්ධිත රටවල් 33ක ව්‍යාපාර 90ක් මෙවර ප්‍රදර්ශනයට එක් වීම, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පොදුවේ අවස්ථා බෙදා දීමේ ආදර්ශවත් වේදිකාවක් බවට පත් වීමේ තවත් සලකුණකි .

අන්තර් ජාතික ව්‍යාපාරවලට නම්, චීන වෙළඳපොලේ ආකර්ෂණය අත්හැරිය නොහැකිය. එම ආකර්ෂණය, ලෝක වෙළඳ සංවිධානයට එක්වී ගත වූ වසර 20ක් තුළ චීනය ලද ජයග්‍රහණයකි. නව කොරොනා වසංගතය ව්‍යාප්ත වෙමින් ගෝලීය ආර්ථිකය හා වෙළඳාම අසීරුතාවට පාත්‍ර වීම හමුවේ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඉන් ගැලවීමට එන්ජිමක්  ලෙසට ක්‍රියා කර ඇති බව නිසැකවම කිව හැකිය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන