‘ ඇෆ්ගනිස්ථාන පයින් ඇට ඉහළ ජනප්‍රියත්වයට පත්වීම ’ පිළිබඳ පුළුල් අර්ථකථනයක්
2021-11-09 11:16:31
Share with:

‘ ඇෆ්ගනිස්ථාන පයින් ඇට ඉහළ ජනප්‍රියත්වයට පත්වීම ’ පිළිබඳ  පුළුල් අර්ථකථනයක්_fororder_rBABDGGJRNKADly1AAAAAAAAAAA555.1000x562

සිව් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමීව චීන මාධ්‍ය සමූහය පසුගිය 6වැනි දා රාත්‍රියේ සජීව අලෙවි වැඩමුළුවක් සංවිධානය කළේ ය. එහිදී ඇෆ්ගනිස්ථාන පයින් ඇට ඇසුරුම් එක්ලක්ෂ විසිදහසක් අලෙවි කෙරිණ.  ප්‍රදර්ශනය පැවැත්වෙන ශැංහයි නගරය වෙත පසුගිය දා විශේෂ ගුවන් යානයකින් ප්‍රවාහනය කෙරුණු ටොන් 45ක ඇෆ්ගනිස්ථාන පයින් ඇට ද මීට ඇතුළත් විය. මෙම වසරේ ඇෆ්ගනිස්ථානයේ ඉහළ පයින් ඇට අස්වැන්නක් දක්නට ලැබේ. එහෙත්, නව කොරොනා වසංගතය හා එරට පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් පයින් ඇට අලෙවිය දුෂ්කරතාවන්ට ලක් වී ඇත. එහිදී චීනය, ඇෆ්ගනිස්ථාන ගොවීන් වෙනුවෙන් ‘ පයින් ඇට ගුවන් කොරිඩෝවක් ’ විවෘත කළේය.

ඇෆ්ගනිස්ථාන පයින් ඇට ඇසුරුම් එක්ලක්ෂ විසිදහසක් අලෙවි කිරීම අහඹු සිද්ධියක් නොවේ. එය, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම අන්ත සංවර්ධිත නොවන රටවල් සඳහා ගොඩ නැගූ අලෙවි වේදිකාවෙන් ලද ප්‍රගතියකි. ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය ආරක්ෂා කරමින්, ලෝකය සමග වෙළඳපොළ අවස්ථා පොදුවේ බෙදාගැනීමෙන් ලද අනිවාර්ය ප්‍රතිලාභයක් ලෙස ද එය අර්ථ නිරූපණය කළ හැකිවේ.

‘ බෙදාගැනීම ’ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ අනන්‍යතාවකි. මෙම වසරේ සිව් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා  අන්ත සංවර්ධිත නොවන රටවල් 33ක ව්‍යවසායකයන් 90ක් පමණ එක් ව සිටිති. එම රටවල් සඳහා ද බහුපාර්ශ්වවාද සංකල්පය ඔස්සේ මහඟු අවස්ථා ලබා දී ඇති අයුරු එමගින් පිළිබිඹු කෙරේ.

නව කොරොනා වසංගත තත්ත්වය මෙන් ම ලොව පුරා බොහෝ දේ වෙනස් වන තත්ත්වයක් පවතිද්දීත්, චීනය නියමිත කලට ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පවත්වා ඇත. ගුණාත්මක විවෘතභාවය තවදුරටත් තහවුරු කරන චීනය තුළ, ‘ ඇෆ්ගනිස්ථාන පයින් ඇට ඉහළ ජනප්‍රියත්වයට පත් වීම ’ යනු බෙදාහදා ගැනීමේ චීන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් අර්ථකථනයකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන