සංචාරක ආකර්ෂණයට ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළක්
2021-11-08 13:41:59
Share with:

සංචාරක ආකර්ෂණයට ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළක්_fororder_斯里兰卡统筹发展旅游景区以吸引更多游客1

සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවීකරණය කිරීම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී ති‍‍බේ. පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරක ඇමති  ප්‍රසන්න රණතුංග, ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත . සති දෙකක් තුළ අදාළ කමිටුව රැස්වී ඊට අදාළ යෝජනා සකස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට එහිදී තීරණය කෙ‍රිණ.

දැනට ක්‍රියාත්මක දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රමාදයන් වළක්වා ගෙන, එම කටයුතු කඩිනමින් අවසන් කිරීම එහි අරමුණයි.

බණ්ඩාරවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන නවීකරණය සදහා මේ වසරේ රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබේ. හපුතලේ දුම්රිය ස්ථානයේ පැරණි ගබඩාව සංචාරක ගිමන්හලක් ලෙස සංවර්ධනය කිරිමට අපේක්ෂිතයි. එහි සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් සහ පහසුකම් මධ්‍යස්ථානයක් ඉදි කිරිමට ද සැලසුම් කර තිබේ.

කොළඹ කොටුව, මහනුවර සහ ගාල්ල දුම්රිය ස්ථාන වල සංචාරක තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි. සංචාරක ආකර්ෂණය සහිත ගමනාන්ත වෙත ධාවනය වන දුම්රියන්හී මැදිරි කිහිපයක් නවීන බොජුන්හල් ලෙස නවීකරණය කිරිමටත්, ජංගම පුස්තකාල ඇති කිරීමටත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන නවිකරණය කර භාරදිමෙන් පසු ඒවා නඩත්තු කිරිමේ ක්‍රමවේදයකන් සකස් කළ යුතු යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාපෙන්වා දුන්නේය.

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයේ කේන්ද්‍රීය කර්මාන්තයකි.එමෙන්ම සමස්ත ජාතික ආදායමේ විශාලතම මූලාශ්‍රවලින් එකකි. සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන නවිකරණය කිරීමෙන් පසුව වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි යැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන