ගෝලීය ව්‍යවසායකයන්ට හා ආයෝජකයන්ට චීන වෙළඳපොල කෙරෙහි විශ්වාසය වර්ධනය කළ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2021-11-06 20:41:51
Share with:

‍ශැංහයි නගරයේ පැවැත්වෙන 4වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී දෙස් විදෙස් ව්‍යවසායන් 62ක්  සිය නවතම නිෂ්පාදිත 100ක් පමණ එළිදැක්වීම‍ට බලාපොරොත්තුවෙන් සිටී. එම නිෂ්පාදිතවලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් ප්‍රථම වරට එළිදැක්වීම, විශේෂත්වයකි. තවත් බොහෝ නිෂ්පාදිත නිර්මාණය කර ඇත්තේ චීන වෙළඳපොල ඉලක්ක කරගෙන ය.

නවෝත්පාදනය, ආර්ථික වර්ධනයට තුඩු දෙන ප්‍රධාන මෙහෙයුම් බලයකි. ‍මෙවර පමණක් නොව මීට පෙර තෙවතාවක් පැවති චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනවලදීත් නවෝත්පාදනය කැපී පෙනුණු ලක්ෂණයකි. බොහෝ ව්‍යවසායන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී සිය නිෂ්පාදිත ගෝලීය වශයෙන් ප්‍රථම වරට නිකුත් කිරීමට ඉදිරිපත් ව සිටී. චීන ආර්ථිකයේ ජවසම්පන්න ස්වභාවය මෙන් ම ව්‍යවසායන්ට චීන වෙළඳපොල පිළිබඳ තිබෙන විශ්වාසය ද ඉන් පිළිබිඹු වන බව කිව හැකි ය.

බිලියන 1.4ක ජනගහණයක් සිටින හා මධ්‍ය ආදායම්ලාභීන් කෝටි 40ක් සිටින රටක් වශයෙන් චීනය සතුව ඇත්තේ ලොව කිසිදු මහ ව්‍යවසායකට නොසලකා හැරිය නොහැකි දැවැන්ත වෙළඳපොලකි. චීන පාරි‍භෝගිකයන්ගේ අවශ්‍යතා අඛණ්ඩ ව ඉහළ යමින් පවතින බැවින් ගෝලීය නව තාක්ෂණ හා නව නිෂ්පාදිත සඳහා කදිම වෙළඳපොලක් එයින් නිර්මාණය ‍වී තිබේ. මීට අමතරව, මෑත වසරවල චීනයේ ව්‍යාපාරික පරිසරය අඛණ්ඩ ව යහපත් වී ඇත.වි‍ශේෂයෙන් බුද්ධිමය දේපල අයිතීන් ආරක්ෂාව චීනය තර කර තිබීම හේතුවෙන් ලොව දැවැන්ත ව්‍යවසායන් සිය නව තාක්ෂණ හා නිෂ්පාදිත චීන වෙළඳපොලට නිකුත් කිරීමට වඩාත් උනන්දුවක් දක්වා සිටී.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ, චීනය විවෘතභාවය ඉදිරියට ගෙන යාමේ අධිෂ්ඨානය වෙනස් නොකරන බවයි. ගෝලීය ව්‍යවසායකයන්ට හා ආයෝජකයන්ට එමගින් චීන වෙළඳපොල පිළිබඳ තවත් විශ්වාසයක් එක් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන