අභියෝගයන්ට මුහුණ දී ඇති ලෝක ආර්ථිකයට වසන්ත මාරුතයක්
2021-11-05 15:13:43
Share with:

අභියෝගයන්ට මුහුණ දී ඇති ලෝක ආර්ථිකයට වසන්ත මාරුතයක්_fororder_ce9f5a724ffaa7dafad319a8d1be2baa

‘චීනයේ ඉහල මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමේ අධිෂ්ඨානය, ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ අධිෂ්ඨානය හා ආර්ථික ගෝලීයකරණය වඩාත් විවෘත, සහභාගීත්ව, සමබර මෙන්ම පොදු ප්‍රතිලාභ හා පොදු ජයග්‍රහණ ලැබෙන දිශාව කරා ප්‍රවර්ධනය කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොවේ.’-- සිව් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ දේශනයේ ඒ බව සඳහන් වේ. එය, ගෝලීය ව්‍යාපාරවල අපේක්ෂාවන් සපුරා ගැනීමේ හඬකි.

ලෝක වෙළෙඳ සංවිධානයට එක් වී ගත වූ දශක දෙක තුළ, එම සංවිධානයට එක් වීම සඳහා දුන් පොරොන්දු චීනය ප්‍රායෝගිකව සම්පූර්ණයෙන් ඉටු කරමින් විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කර ඇත. ඉන් තිරසර ස්වයං දියුණුව ළඟා කර ගැනීමට හැකි වූ අතර ලෝක ආර්ථිකය ප්‍රබෝධමත් කරවීමට ද අවස්ථාව ලැබිණ.

‘සැබෑ බහුපාර්ශ්විකවාදය ස්ථිරව ක්‍රියාත්මක කිරීම’, ‘ලෝකය සමග වෙළෙඳපොල අවස්ථා පොදුවේ බෙදා ගැනීම’, ‘ඉහළ මට්ටමේ විවෘතභාවය ස්ථිරව ඉදිරියට මෙහෙයවීම’, ‘ගෝලීය පොදු ප්‍රතිලාභ ස්ථිරව සහතික කිරීම’, යන ෂී ජින්පිං ජනාධිපතිවරයා දැක්වූ සිව්වැදෑරුම් ස්ථාවරයන්, ගෙවී ගිය වසර ගණනාව තුළ චීන ආර්ථිකයේ සංවර්ධන රහස අනාවරණය කර ඇති අතර අභියෝගයන්ට මුහුණ දී ඇති ලෝක ආර්ථිකයටත් වසන්ත මාරුතයේ උණුසුම ගෙන දී තිබේ.

චීනයේ කෝටි 140ක ජනගහනය අතරින් මධ්‍යම ආදායම් ලාභීන් ප්‍රමාණය කෝටි 40කි. වාර්ෂිකව චීනය ඇ.ඩො. ට්‍රිලියන 2.5ක නිෂ්පාදිත හා සේවා ආනයනය කරයි.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට මහාද්වීප පහේ රටවල් හා ප්‍රදේශ 127ක ව්‍යාපාර 3000ක් පමණ එක් වේ. සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ඌන සංවර්ධිත රටවල් ඒ අතරය. ලොව බලවත්ම ව්‍යාපාර පන්සීයයට ඇතුළත් ව්‍යාපාර හා කර්මාන්ත‍වල ප්‍රමුඛ ව්‍යාපාර සංඛ්‍යාව යළිත් පෙර පැවති මට්ටම අභිබවා ගොස් ඇත. පැවති ප්‍රදර්ශනවලට එක් වූ ව්‍යාපාරවලින් සියයට 80ක් යළි මෙවර ප්‍රදර්ශනයට එක් වීම විශේෂත්වයකි.  චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ආකර්ෂණයට පමණක් නොව, අඛණ්ඩව විවෘත වන චීනයේ ආකර්ෂණය පිළිබඳව ද මෙය මනා පිළිබිඹුවකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන