ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අමතා චීන ජනපති පැවැත්වූ දේශනය අංශ පහකින් තේරුම් ගනිමු
2021-11-05 10:54:31
Share with:

නොවැම්බර් 4 වැනිදා, සිව් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ශංහයි හිදී ආරම්භ වුණා. චීන ජනාධිපතිවරයා එහි සමාරම්භක උත්සවය අමතමින් වැදගත් සංඥා රාශියක් නිකුත් කළා. අංශ පහකින් යුත් එම අදහස් ඉටුකර ගන්නා ආකාරය ඉදිරිපත් කරන්න කැමතියි.

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අමතා චීන ජනපති පැවැත්වූ දේශනය අංශ පහකින් තේරුම් ගනිමු_fororder_微信图片_20211105100908

පළමුවැන්න, අවුරුදු හතරක පොරොන්දුවක්.

2018 වසරේ සිට ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීමට චීනය සූදානම් බව, චීන ජනාධිපතිවරයා 2017 වසරේ මැයි මාසයේදී ප්‍රකාශ කළා. එම පොරොන්දුව ඉෂ්ට කරමින්, චීනය අද දක්වා ප්‍රදර්ශන හතරක් පවත්වා තිබෙනවා. 2020 වසරේ අනපේක්ෂිතව මතු වූ කොවිඩ් 19 වසංගත අර්බුදය හමුවේ වුණත් පොරොන්දු වූ ආකාරයෙන් තුන් වැනි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීමට චීනය සමත් වුණා. එම වසරේ සමාරම්භක උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ, වසංගත මැඩපැවැත්වීම මධ්‍යයේ මෙවන් ගෝලීය වෙළඳ ගනුදෙනු උළෙලක් පැවැත්වීම, ලෝකය සමඟ වෙළඳපොල අවස්ථා පොදුවේ බෙදා ගනිමින් ලෝක ආර්ථික පුනරුත්ථාපන සඳහා වූ අවංක අපේක්ෂාවන් පිළිබිඹු වීමක් බවයි.

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අමතා චීන ජනපති පැවැත්වූ දේශනය අංශ පහකින් තේරුම් ගනිමු_fororder_微信图片_20211105101055

දෙවැන්න, පවතින ප්‍රවණතාවට එරෙහි ක්‍රියාත්මකභාවයක් තුළින්

ලොව පුරා පැතිර යන වසංගත අභියෝග පරාජයට පත් කළ චීනය, විදේශ වෙළඳාම ප්‍රවර්ධනය කරමින් වෙළඳ භාණ්ඩ ගනුදෙනු වලදී ලොව එකම ධනාත්මක වර්ධනයක් අත්පත් කරගත් ප්‍රධාන ආර්ථික ඒකකය බවට පත් වුණා. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන වලදී චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව පසුගිය කාලයේ දක්නට ලැබුණා.

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අමතා චීන ජනපති පැවැත්වූ දේශනය අංශ පහකින් තේරුම් ගනිමු_fororder_微信图片_20211105101118

තුන්වන්න, සුවිශේෂ අනුස්මරණයක්.

අවුරුදු 20කට පෙර නොවැම්බර මස 10 වැනිදා, චීනය නිල වශයෙන් ලෝක වෙළඳ සංවිධානයට ප්‍රවේශ වුණා. අවුරුදු 20කට පසු උදාවූ මේ වසරේ නොවැම්බර මස 4 වැනිදා, සිව් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ආරම්භ වුණා. මෙම වසරේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ, ගෙවී ගිය වසර 20 තුළ, ලෝක වෙළඳ සංවිධානයට එකතු වීම සඳහා වූ පොරොන්දු චීනය විසින් සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කර ඇති බවයි.

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අමතා චීන ජනපති පැවැත්වූ දේශනය අංශ පහකින් තේරුම් ගනිමු_fororder_微信图片_20211105101129

සිව්වැන්න, ගාම්භීර ප්‍රකාශයක්.

ගෙවී ගිය දශකය තුළ, ලෝකයේ විවෘතභාවය දුර්වල වෙමින් පැවතීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා. ලෝක විවෘතභාවය වෙනුවෙන් පළමු වැනි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී ම හෙතෙම පැහැදිලි ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා. වඩාත් ඉහළ මට්ටමෙන් විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ චීනයේ පා සලකුණ නතර වන්නේ නැහැ. විවෘත ආකාරයෙන් ලෝක ආර්ථිකය ගොඩනැගීම සඳහා පියවර තැබීම නතර වන්නේ නැහැ. පොදු ඉරණම සහිත මානව ප්‍රජාව බිහි කිරීම සඳහා වූ පියවර නතර වන්නේ නැහැ. එය චීනය ලෝකය වෙත යොමු කරන ලද ගාම්භීර ප්‍රකාශයක්. චීන ජනාධිපතිවරයා නැවත එම කාර්යයන් සඳහන් කරමින් චීනයේ ස්ථිර අධිෂ්ඨානය ප්‍රකාශ කළේ මෙම වසරේ සමාරම්භක උත්සවය අමතමින්.

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය අමතා චීන ජනපති පැවැත්වූ දේශනය අංශ පහකින් තේරුම් ගනිමු_fororder_微信图片_20211105105339

පස්වැන්න, ධනාත්මක ආරංචියක්.

චීන ජනාධිපති ෂි ජින්පිං මහතා මේ දිනවල පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී නිකුත් කළ තොරතුරු අතරින් ඔබට වාසි සහගත ආරංචි පැවතිය හැකියි. උදාහරණ වශයෙන්, චීනයේ දී ආනයන වෙළඳ ප්‍රවර්ධනය පිළිබඳ නිර්මාණශීලි ප්‍රදර්ශන කලාප වැඩි වශයෙන් ස්ථාපිත කිරීම, අන්තර් දේශ ඩිජිටල් වෙළඳ නිෂ්පාදිත ආනයන ලැයිස්තුව යහපත් කිරීම, දේශ සීමා වෙළඳ ගනුදෙනු සඳහා සිවිල් මට්ටමෙන් නිෂ්පාදනය ඉදිරියට ගෙන යාම, අසල්වැසි රටවලින් ආනයනය පුළුල් කිරීම යනාදී කරුණු ඊට සම්බන්ධ වෙනවා.

 

විවෘතභාවය, නවීන චීනයට දීප්තිමත් සංකේතයක් බවට පත් වී ඇති බව පළමු වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. විවෘතභාවය සඳහා දායක වෙමින් සිටින චීනය, තම රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යන අතරතුර ලෝකයේ සුබ සෙත වෙනුවෙන් ද දායක වෙමින් සිටිනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන