" Connecticut " න්‍යෂ්ටික සබ්මැරීනයට සිදු වූ අනතුර පිළිබඳ සත්‍යය ජගත් ප්‍රජාව හමුවේ හෙළිදරව් කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2021-11-05 21:07:49
Share with:

ඇමරිකාවේ " Connecticut " න්‍යෂ්ටික සබ්මැරීනය දකුණු චීන මුහුදේ ගැටීමකට ලක්වීම හේතුවෙන් සබ්මැරීනයේ කපිතාන් සහ නියෝජ්‍ය කපිතාන් සේවයෙන් අස්කරනු ලැබූ බව ඇමරිකානු ගුවන් විදුලි සංස්ථාව අද (05) වාර්තා කළේ ය. " Connecticut " න්‍යෂ්ටික සබ්මැරීනය හඳුනානොගත් මුහුදු කන්දක ගැටීමෙන් බරපතල හානි සිදු වී ඇතැයි ඇමරිකානු නාවික හමුදාව පැවසුව ද අනතුර පිළිබඳ වැඩිපුර පැහැදිලි කිරීමක් කර නොමැත. විශේෂයෙන් අනතුරින් න්‍යෂ්ටික කාන්දුවක් සිදුවූයේ ද වැනි වැදගත් කරුණු ඇමරිකාව මඟහැර සිටින බව පෙනේ.

න්‍යෂ්ටික සබ්මැරීනයකට හානි සිදුවීමෙන් පසු එයින් බොහෝ විට න්‍යෂ්ටික කාන්දුවක් ඇති වේ. " Connecticut " අනතුරින් න්‍යෂ්ටික සබ්මැරීනයේ කුමන කොටසකට හානි සිදුවූයේ ද යන්න පිළිබඳව, අනතුර සිදු වී මාසයක් ගත වුව ද ඇමරිකාව පැහැදිලි කර නැත. ඇමරිකාව අදාළ ඡායාරූප ප්‍රසිද්ධියේ පළකිරීමේදී සබ්මැරීනයේ හානි සිදු වූ කොටස හිතාමතාම මඟහැර තිබේ. එපමණක් නොව, ඇමරිකාව WC-135W ඔත්තු බැලීමේ ගුවන් යානයක් ද දකුණු චීන මුහුදු ප්‍රදේශයට යවා ඇත. මෙවන් ක්‍රියා චීනය ඇතුළු දකුණු චීන මුහුදු සීමාවට අදාළ සියලු රටවල දැඩි අවධානයට ලක් ව තිබේ. " Connecticut " න්‍යෂ්ටික සබ්මැරීනයෙන් න්‍යෂ්ටික කාන්දුවක් සිදු වුව‍හොත් දකුණු චීන මුහුදේ ධීවර සම්පත් හා ජෛව පරිසරයට විනාශකාරී බලපෑමක් ඇති වන බවට ඇතැම් හමුදා විශේෂඥයන් බිය පළ කර ඇත.

දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය කඩාකප්පල් කරමින් සිය ආධිපත්‍යය එම මුහුදු ප්‍රදේශයේ පතුරුවා ගන්නා ඇමරිකාව, සැබැවින් ම " Connecticut " න්‍යෂ්ටික සබ්මැරීනයට සිදු වූ අනතුර පිළිබඳ සත්‍යය ජගත් ප්‍රජාව ඉදිරියේ කිව යුතු යැයි අපි තරයේ ඉල්ලා සිටින්නෙමු.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන