2020 වසරේ චීන ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මාන ප්‍රදානෝත්සවය බෙයිජිං හිදී අද (03) පැවැත්විණ. ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මානය චීනයේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ ම සම්මානය වශයෙන් සැලකේ. මෙවර විද්‍යා තාක්ෂණිකයන් 10 දෙනෙක් , ව්‍යාපෘති 264ක් සහ ජාත්‍යන්තර සංවිධානයක් එම සම්මානයෙන් පිදුම් ලබා ඇත.
චීන සංවර්ධනයේ ප්‍රධානතම ගාමක බලය වන්නේ නවෝත්පාදනයයි. චීනය ගෙවී ගිය වසර 5 තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ චන්ද්‍ර ගවේෂණය, මිනිසුන් සහිත අභ්‍යවකාශ යාන උඩු ගුවනට යැවීම හා ක්වෝන්ටම් සන්නිවේදනය ඇතුළු දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබේ. ගෝලීය නවෝත්පාදන දර්ශක ලැයිස්තුවට අනුව 2015 වසරේ චීනයට හිමිව තිබූ 29වැනි ස්ථානය 2020 වසර වන විට 14වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට චීනය ලොව විශාලතම විද්‍යා තාක්ෂණික ප්‍රවීණයන් සිටින රට බවට පත් ව තිබේ. ප්‍රවීණයන් රටේ වැදගත් ම සම්පත බව චීන රාජ්‍ය නායක මණ්ඩලය පෙන්වා දී ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේ චීනය වැදගත් උපාය මාර්ගයක් ඉදිරිපත් කළේ ය. එනම් ලෝකයේ ඉහළ මට්ටමේ ප්‍රවීණයන් බිහි කිරීමේ මධ්‍යස්ථානය හා නවෝත්පාදන කඳවුර සංවර්ධනය කිරීම ය. එමගින් ජාතික විද්‍යා තාක්ෂණික සංවර්ධනය වඩාත් ස්වාධීන අයුරින් ඉදිරියට ගෙන යාමටත්, ලෝකය සමග එක සමාන වේගයකින් විද්‍යා තාක්ෂණික වශයෙන් ගමන් කිරීමටත් චීනය අපේක්ෂා කරයි.
විද්‍යාවට දේශ සීමා මායිම් නොමැත. මේ වන විට චීනය විද්‍යා තාක්ෂණික ක්ෂේත්‍රයේ අඛණ්ඩ ව ප්‍රගතියක් අත්කර ඇත්තේ සැමවිටම විදේශ රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන බැවිනි. 2020 වසරේ චීන ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මානයෙන් පිදුම් ලැබූ ව්‍යාපෘති අතරින් විදේශ විද්‍යාඥයන් දායක වූ ව්‍යාපෘති ගණන 5කි. මෙය චීන විද්‍යා තාක්ෂණික ක්ෂේත්‍රයේ විවෘතභාවය සඳහා කදිම නිදසුනක් වශයෙන් සැලකිය හැකි ය.