දේශගුණික විපර්යාසයට මුහුණ දීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි
2021-11-03 09:54:21
Share with:

දේශගුණික විපර්යාසයට මුහුණ දීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයි_fororder_src=http___n.sinaimg.cn_spider20211101_791_w2048h1143_20211101_c332-3ee9d31928947c3cb23cddab6988b2cd&refer=http___n.sinaimg

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 1වැනිදා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව අමතමින් දේශගුණික විපර්යාසයට මුහුණ දීම පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කළේය. බහුපාර්ශ්වික එකඟතාවන් පවත්වා ගැනීම, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු කිරීම සහ හරිත පරිවර්තනය වේගවත් කිරීම එම යෝජනාවන්ට ඇතුළත්ය.

"ක්‍රියාව" යනු චීන සැලැස්මේ ප්‍රධාන වචනයකි. "දැක්ම යථාර්ථයක් විය හැක්කේ ක්‍රියාවෙන් පමණි"යන්න චීනයේ අඛණ්ඩ ස්ථාවරයයි. දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරයේ හදිසි අවශ්‍යතාව වැඩි වීම එහි වඩාත් සෘජු හේතුවයි. අදාළ දත්තවලට අනුව, ගෝලීය හරිතාගාර වායු සාන්ද්‍රණය 2020 දී නව ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර මෙම වර්ධනය 2021 දී ද පවතී.

"බහුපාර්ශ්වවාදය, හොඳ වට්ටෝරුවක්"-චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යෝජනාවෙන් දේශගුණික විපර්යාසයට ගෝලීය වශයෙන් මුහුණ දීම සඳහා මාර්ගෝපදේශ සපයා දී තිබේ. විවිධ පාර්ශ්වයන් "දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය" සහ "පැරිස් ගිවිසුම" අනුගමනය කළ යුතු අතර "පොදු නමුත් වෙනස්කම් ඇති වගකීම්" පිළිපැදිය යුතුය. විශේෂයෙන් සංවර්ධිත රටවල් තම යුතුකම් හා වගකීම් ඉ‍ටු කිරීමෙන් පමණක් නොනැවතී, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් සහාය ලබා දිය යුතුය. දේශගුණික විපර්යාසයට ලෝකයට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැකිද යන්න වෙනුවෙන් මෙය තීරණාත්මක සාධකයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන