ඇමරිකාව තුළ වෛරස් මූලාශ්‍රය සෙවීමේ පරීක්ෂණයක් පැවැත්වීමට කාලය එළඹ ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට යළි මතක් කර දෙන්නේ ඇමරිකාව නිකුත් කෙරුණු වාර්තාවයි
2021-11-01 14:25:14
Share with:

ඇමරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය  පැරණි දේශපාලන උපක්‍රමය යළිත් භාවිත කරමින්, මහජන මතයේ රිද්මය හැසිරවීමට නැවත උත්සාහ දරන බව පෙනේ. මෑතකදී නිකුත් කෙරුණු කොරොනා වෛරස් මූලාශ්‍ර ඇගයීම් වාර්තාවේ විකේතන අනුවාදයෙන් එය නැවත තහවුරු වී ඇත. කෙසේ වෙතත්, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා, ජාත්‍යන්තර සහයෝගීතාව ගෝලීය සම්මුතියක් බවට පත්ව ඇති අවස්ථාවක, ඇමරිකාව තුළ වෛරස් මූලාශ්‍රය සෙවීමේ පරීක්ෂණයක් පැවැත්වීමට කාලය එළඹ ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට යළි මතක් කර දෙන්නේ මෙම වාර්තාවයි.

ස්වාධීන පරීක්ෂණ හැකියාව ගැන කියමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගහැරීමට ඇමරිකාවට අයිතියක් නොමැත. එසේම, වෛරස් මූලාශ්‍රය සෙවීමට ඇමරිකානු ඔත්තු සේවා භාවිත කිරීම අතිශයින්ම අසාධාරණ සහ විද්‍යාත්මක නොවන ක්‍රියාවකි. එය, මෙම ක්‍රියාවලිය අතිශයින්ම  දේශපාලනීකරණය වී ඇති බව තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි.

දහස් වරක් ප්‍රකාශ කළ ද, අසත්‍යය සත්‍යයක් බවට පත්වන්නේ නැත. වාර්තාව නිකුත් වූ දිනට පසු දින, G20 රෝම සමුළුව විවෘත විය. මෙම සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වූයේ ද වසංගතයට එරෙහි සටන පිළිබඳවයි. ඇමරිකාව මේ අවස්ථාවේ දී ඊනියා සොයාගැනීම් වාර්තාවේ විකේතනය කළ අනුවාදය නිකුත් කිරීම G20 සමුළුවෙන් අපේක්ෂිත  වගකීම්වලට ද පටහැනි වේ.

රෝමයේ පැවැත්වූ G20 සමුළුවේදී, "සහයෝගීතාව යනු බලවත්ම ආයුධය" බවට චීනය අවධාරණය කිරීම ලෝක සම්මුතියක් බවට පත්ව ඇත. එසේම, චීනය විසින් යෝජනා කරන ලද "ගෝලීය එන්නත් සහයෝගීතා මුලපිරීම" ද ජාත්‍යන්තර ප්‍රජාව විසින් පුළුල් ලෙස පිළිගෙන තිබේ. වර්තමාන ගෝලීය වසංගතයට එරෙහි සටනට අවශ්‍ය වන්නේ මෙයයි.

චීනයට එරෙහි ඇමරිකාවේ ප්‍රහාරය, මඩ ගැසීම සහ දේශපාලන කුමන්ත්‍රණ දියත් කිරීම ගෝලීය වසංගත විරෝධී සහයෝගීතාවයට ඇති ලොකුම බාධාව වේ.

“වසංගතයට එරෙහි සටනේදී ලෝකයේ පළමු අසාර්ථක රට”වන ඇමරිකාව තුළ, ඊළඟ වෛරස්

ඇමරිකාව තුළ වෛරස් මූලාශ්‍රය සෙවීමේ පරීක්ෂණයක් පැවැත්වීමට කාලය එළඹ ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට යළි මතක් කර දෙන්නේ ඇමරිකාව නිකුත් කෙරුණු වාර්තාවයි_fororder_QQ图片20211101142420

මූලාශ්‍ර පරීක්ෂණ දියත් කළ යුතු ව තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන