කෙටිම කාලයක් තුළ කාබන් විමෝචන තීව්‍රතාවය අඩු කරන ලොව දැවැන්තම අධිෂ්ඨානය
2021-11-01 20:12:14
Share with:

“ අභියෝග හමුවේ ජගත් ප්‍රජාව සමගියෙන් ඊට මුහුණ දෙමින් සිටියදී තීරණාත්මක වන්නේ ප්‍රායෝගික ව කටයුතු කිරීමයි”යනුවෙන් ඊයේ (31) රාත්‍රි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් ජී20 කණ්ඩායමේ 16වැනි රාජ්‍ය නායක සමුළුවට එක් වෙමින් පැවසීය. දේශගුණ විපර්යාස හා බලශක්ති ප්‍රශ්නය වත්මන් කාලයේ කැපී පෙනෙන ගෝලීය අභියෝග වේ. මෙවන් අභියෝග ජය ගැනීම සඳහා ජගත් ප්‍රජාව දක්වන කැමැත්ත හා අධිෂ්ඨානය ඉහළ යමින් පවතින නමුත් ඇතැම් රටවල වෙනත් අවශ්‍යතාවන් හේතුවෙන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී ගත යුතු ප්‍රා‍‍යෝගික පියවර දක්නට නොලැබේ.

ජගත් ප්‍රජාව දේශගුණ විපර්යාස හා බලශක්ති ගැටළුවලට මුහුණ දිය යුත්තේ කෙසේ ද ? චීන ජනාධිපතිවරයා රෝම නගරයේ පැවති මෙවර ජී 20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවේදී සිය අදහස් දැක්විය. පූර්ණ හා සමබර ප්‍රතිපත්ති අනුගමනය කරමින් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය සහ පැරිස් ගිවිසුම සහමුලින්ම ක්‍රියාත්මක කළ යුතු බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත් සහය ලබාදිය යුතු බවත්, චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය. මෙම අදහස් ජී 20 කණ්ඩායම දේශගුණ විපර්යාස හා බලශක්ති ඇතුළු අභියෝගවලට මුහුණ දීම සඳහා පැහැදිලි දිශාවක් ලබා දී ඇත.

සෑම ඉලක්කයක් සාක්ෂාත් කිරීමට නම් ප්‍රායෝගික ක්‍රියා අත්‍යවශ්‍ය වේ. ගෝලීය දේශගුණ විපර්යාස ප්‍රශ්නයට චීනය ලබා දී ඇත්තේ ප්‍රායෝගික පිළිතුරකි. එහි උදාහරණ වශයෙන්, වසර 2030 වන විට චීනයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය උපරිම මට්ටමට පැමිණ 2060 වසර වන විට එය පහත වැටීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව මෙවර සමුළුවේදී චීන ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කළේ ය. ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වශයෙන් චීනය කෙටිම කාලය තුළ ලෝකයේ විශාලතම කාබන් විමෝචන තීව්‍රතාවය අඩු කරන අධිෂ්ඨානය එම ප්‍රකාශයෙන් යළි පැහැදිලි වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන