චීනයේ "පංච විධ යෝජනාව" G20 ට එහි නියමිත වගකීම් ඉටු කිරීමට උපකාරී වේ
2021-10-31 15:34:36
Share with:

චීනයේ "පංච විධ යෝජනාව" G20 ට එහි නියමිත වගකීම් ඉටු කිරීමට උපකාරී වේ_fororder_国际锐评|中方“5点建议”助力二十国集团负起应有责任

ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ ( 30 ) බෙයිජිංහිදී වීඩියෝ ආකාරයෙන්  G20 කණ්ඩායමේ 16  වන නායක සමුළුවේ පළමු අදියර රැස්වීමට සහභාගී වී වැදගත් දේශනයක් පැවැත්වීය.එම අවස්ථාවෙදී ෂී ජින්පිං මහතා"පංච විධ යෝජනාවක් "ඉදිරිපත් කළේය.

වසංගතයට එරෙහි  අත්වැල් බැඳගෙන සටන් කිරීමට එක්සත් වී සහයෝගයෙන් කටයුතු කිරීම; සම්බන්ධීකරණය ශක්තිමත් කර ප්‍රකෘතිමත් වීම ප්‍රවර්ධනය කිරීම; ඇතුළත් සහ පොදු සංවර්ධනය; නවෝත්පාදන ධාවනය, බලය සහ  සුසංගත සහජීවනය, හරිත හා තිරසරභාවය  එම පංච විධ යෝජනාවයි . මෙම යෝජනාව වර්තමාන ජාත්‍යන්තර උත්සුකයන්ට අනුකූල වන අතර මානව වර්ගයාට අභියෝගවලට මුහුණ දීමට සහ එක්ව සංවර්ධනය කිරීමට මාර්ගයක් සැලසුම් කර තිබේ.

මීට අමතරව, G20 ගෝලීය ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයේ පැන නගින ගැටළු සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව, මෙම සමුළුවේදී, ජනාධිපති ෂී ජින්පිං මහතා මට්ටම් දෙකකින් යෝජනා ඉදිරිපත් කළේ ය. මෙම යෝජනා ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්හී සාර්ව ප්‍රතිපත්ති නිවැරදි කිරීමට පමණක් නොව, ගෝලීය ආර්ථික පාලන ක්‍රමය සහ නීති රීති වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ වඩාත් සාධාරණ ලෝක ආර්ථික පර්යාය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

‍G20 වැදගත් සාමාජිකයෙකු සහ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස, චීනය සිය විවෘතභාවය අඛණ්ඩව පුළුල් කර, ස්වකීය සංවර්ධනය තුළින් සියලු රටවලට තවත් නව අවස්ථා ගෙන දී , ලෝක ආර්ථිකයට වැඩි නව ගම්‍යතාවක් ලබා දෙනු ඇති අතර, G20 වෙත එහි වගකීම් ඉටු කිරීමටත් උපකාර කරනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන