ජී 20 කණ්ඩායමේ නායකයින්ගේ 16වැනි සමුළුවේ පළමුවැනි අදියරේ සැසියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වෙමින් ප්‍රධාන දේශනයක් සිදු කරයි. හෙතෙම ඊයේ(30) බෙයිජිං නගරයේ දී වීඩියෝ ආකාරයෙන් එම සැසියට සහභාගී විය.
ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ලෝකයේ විශාල වෙනස්කමක් සහිත තත්ත්වය හා නව කොරොනා වසංගත තත්ත්වය හමුවේ, ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාවය සඳහා වන ප්‍රධාන සාකච්ඡා සභාවක් ලෙස ජී 20 කණ්ඩායම වගකීම් සහගත ව මානවයාගේ අනාගතය හා ජනතාවගේ සුභසෙත උදෙසා, විවෘතභාවයේ හා සහභාගීත්වයේ දැඩිව නියැළී සිටිමින් ප්‍රායෝගික බහුපාර්ශ්වවාදය අනුගමනය කළ යුතු අතර පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීම ඉදිරියට ගෙන යා යුතු බවයි.
නව කොරොනා වසංගතය ලෝක ආර්ථිකයට ඇති කරන බලපෑම සංකීර්ණ සහ දීර්ඝ කාලීන බව හෙතෙම අවධාරණය කළේය. ඉන් සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල කරන අහිතකර බලපෑම් වළක්වා ගැනීමට සහ ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය පද්ධතියේ ස්ථාවර ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ප්‍රධාන ආර්ථිකයන් වගකිවයුතු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය.
ජී 20 නවෝත්පාදන වර්ධනය සඳහා ඇති හැකියාව උපයෝගී කර ගෙන, පූර්ණ සහභාගීත්වය සහ පුළුල් එකඟතාව මත නීති රීති සකස් කරමින්, නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනය සඳහා මනා පරිසරයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය.
චීනය සැම විටම සිය ජාතික තත්ත්වයන්ට අනුකූලව ජාත්‍යන්තර වගකීම් භාර ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය. 2030 වන විට කාබන් විමෝචන උපරිම මට්ටම සහ 2060 වන විට කාබන් මධ්‍යස්ථභාවය ළඟා කර ගැනීමට චීනය උත්සාහ දරනු ඇත.
මානව වර්ගයාගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ලෝකයේ සියලුම රටවලින් නොනවතින උත්සාහයන් අවශ්‍ය වේ. සියල්ලන්ම එකමුතු වී, හැකි ඉක්මනින් වසංගතය පරාජය කර, යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට එක්ව කටයුතු කරමු යැයි ෂී ජින්පිං මහතා යෝජනා කළේ ය.