සැබෑ බහුපාර්ශ්විකත්වය සමඟ නැගෙනහිර ආසියාවේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කෙරේ
2021-10-29 20:22:56
Share with:

සැබෑ බහුපාර්ශ්විකත්වය සමඟ නැගෙනහිර ආසියාවේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කෙරේ_fororder_国际锐评》用真正的多边主义促进东亚共同发展

16 වැනි නැගෙනහිර ආසියානු රාජ්‍ය නායක සමුළුව පසුගියදා නිමාවට පත් විය. වීඩියෝ ආකාරයෙන් පැවති මෙ සමුළුවේදී, වසංගතයට එරෙහිව ඒකාබද්ධව සටන් කිරීම, පුළුල් ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම, හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ආසියාන්හී කේන්ද්‍රීය ස්ථානයට සහාය වීම වැනි යෝජනා ගණනාවක් චීනය විසින් ඉදිරිපත් කරන ලදි. මෙය නැඟෙනහිර ආසියානු සහයෝගීතාවයට ප්‍රබල උත්තේජනයක් ලබා දෙනවා පමණක් නොව, ප්‍රායෝගික ක්‍රියාමාර්ග සමඟින් "සැබෑ බහුපාර්ශ්විකත්වය" ද ප්‍රගුණ කෙරේ.

කලකට පෙර, චීනයේ උත්තරීතර නායකයා ශක්තිමත්, හරිත හා සෞඛ්‍ය සම්පන්න ගෝලීය සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය සංවර්ධන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා "ගෝලීය සංවර්ධන මුලපිරීම" ඉදිරිපත් කළේය. මෙම සමුළුවේදී චීනය යෝජනා කළේ වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම යන රෝද දෙක එකට හැරවිය යුතු අතර එමඟින් ගෝලීය සංවර්ධනයට අඛණ්ඩව උත්තේජනයක් ලබා දිය යුතු බවයි.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ නව කොරෙනා වසංගතයේ සන්දර්භය තුළ, ආසියාන් සංවිධානය පසුගිය වසරේ චීනයේ විශාලතම වෙළඳ සහකරු බවට පත් වූ බවයි. මෙම වසරේ පළමු කාර්තු තුන තුළ ද්විපාර්ශ්වික වෙළඳ පරිමාව ඇමරිකා ඩොලර් බිලියන 630.54 දක්වා ළඟා වූ අතර එය පසුගිය වසරේ සමාන කාලයට වඩා  31.1% ක වර්ධනයකි. මෙය කලාපීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ආරක්ෂාව ඵලදායි ලෙස සහතික කරනවා පමණක් නොව, බහුපාර්ශ්විකත්වය සහ නිදහස් වෙළඳාම ද ස්ථිර ලෙස ආරක්ෂා කරයි.

මේ වන විට චීනයේ සහ ආසියාන් රටවල පොදු ප්‍රයත්නයන් සමඟ දකුණු චීන මුහුදේ සමස්ථ තත්ත්වය ස්ථාවරව පවතින අතර නාවික ගමනාගමනයේ නිදහස සහ ගුවනින් පියාසර කිරීම සම්බන්ධයෙන් කිසිවිටෙකත් ගැටලුවක් මතුවී නොමැත.

නැඟෙනහිර ආසියාව පොදු සංවර්ධනයක් අත්පත් කර ගැනීම පමණක් නොව, වසංගතයෙන් පසු ලෝකය යථා තත්ත්වයට පත් කිරීම සහ සාමය සහ ස්ථාවරත්වය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන