එක්සත් ජාතීන්ගේ පද්ධතියට සක්‍රීය ව හා අර්ථවත් ලෙස එක්වීමට තායිවාන ප්‍රදේශයට අනුබල දෙන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගිය 26 වැනිදා නිවේදනය කළේය. මීට දිනකට පෙර හෙවත් ඔක්තෝබර් 25 වනදාට යෙදී තිබුණේ, චීනය එක්සත් ජාතීන්ගේ නිත්‍යනුකූල ආසනය යළි ලබාගැනීමේ 50වැනි සංවත්සරයයි. මේ නිමිත්තෙන්, ඇමරිකාව විසින් තායිවාන ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථානය පිළිබඳ ප්‍රශ්නය උද්දීපනය කරනු ලැබීම, එකම චීනය පිළිබඳ මූලධර්මයට ප්‍රසිද්ධියේ එල්ල කෙරුණු අභියෝගයක් වන අතර කෝටි 140ක චීන ජනතාවට දැඩි ප්‍රකෝපකාරීත්වයකි.
පසුගිය සැප්තැම්බර් මාසයේ චීන ඇමරිකානු නායක දෙපල අතර පැවති දුරකථන සංවාදයේදී ඇමරිකානු පාර්ශ්වය ප්‍රකාශ කළේ එකම චීනය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අදහසක් නොමැති බවයි. ඔක්තෝබර් මාසයේ දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයින් Zurich හිදී හමු වූ අවස්ථාවේදී ඇමරිකාව එකම චීනය ප්‍රතිපත්තියෙහි එල්බ සිටින බව යළිත් ප්‍රකාශ කර ඇත. එම හඬ තවමත් ඇසෙන තරම් ළඟ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තායිවාන ප්‍රදේශයේ අවකාශය ව්‍යාප්ත කිරීමට දැනට ඇමරිකාව විවෘතව අනුබල දී තිබේ. කියූ දේ නොකරන ‘දැවැන්ත ’ඇමරිකාවට කිසිදු ලැජ්ජාවක් හා අවංකකමක් නොමැති බව දක්නට ලැබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ස්වාධිපත්‍යය හිමි රටවලට පමණක් එක්විය හැකි අන්තර්රාජ්‍ය ජගත් සංවිධානයකි. චීන මහජන සමූහාණ්ඩුව චීනය නියෝජනය කරන එකම නිත්‍යනුකූල ආණ්ඩුවයි. තායිවාන ප්‍රදේශය චීනයේ කොටසකි. එම ප්‍රදේශය ජගත් සංවිධානවල ක්‍රියාකාරකම්වලට එක් විය යුත්තේ එකම චීනය මූලධර්මයට අනුකූල වන සේය. එය පොදු පිළි ගැනීමකි. එහෙත් දිගු කාලයක් පුරා ඇමරිකාව විවිධ කියමන් ගොනු කරමින්, තායිවාන ප්‍රදේශයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට එක් වීම සඳහා අනුබල දක්වා තිබේ. ඒ පමණක් නොව, සිය ස්ථාවරයට අනුබල දෙන ලෙසට ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සියළු සාමාජික රටවලින් ඉල්ලා ඇත. එහෙත් මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ එකම පද්ධතියක්, එකම පටිපාටියක් මෙන් එකම උපමානයක් පමණක් ය. එනම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා එහි මූලධර්මය ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය පැහැර ගැනීම සඳහා ඇමරිකාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වනු ඒකාන්තය.