චීනය සැමවිටම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකි
2021-10-28 20:21:39
Share with:

චීනය සැමවිටම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකි_fororder_QQ图片20211028202056

මෑත වසරවල දේශගුණික විපර්යාස පිළිබඳ කටයුතු කිරීමේ ප්‍රගතිය සහ ජයග්‍රහණ බාහිර ලෝකයට හඳුන්වා දුන් "දේශගුණික විපර්යාස සමඟ කටයුතු කිරීමට චීනයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග" යන ධවල පත්‍රිකාව චීනය විසින් මෑතකදී නිකුත් කරන ලද අතර දේශගුණ විපර්යාසය සමඟ කටයුතු කිරීමේ ජාත්‍යන්තර වගකීම භාරගෙන මානව වර්ගයාගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම ට චීනයේ මුලපිරීම ප්‍රදර්ශනය කළේය.

2011 වසරෙන් පසු චීනය ජාතික මට්ටමින් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් නිකුත් කළ දෙවන අවස්ථාව මෙයයි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී චීනය සැමවිටම සක්‍රීය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන බව දැකගත හැකිය. 12 වැනි පස් අවුරුදු සැලසුම් කාලය (2011-2015) සිට චීනය දේශගුණික විපර්යාස සිය ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබේ . වර්තමානය වන විට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම චීනයේ ජාතික උපාය මාර්ගය බවට පත්ව ඇති අතර එය විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන තිබේ .

2020 සැප්තැම්බරයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, 75වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සාමාන්‍ය විවාදයෙදී 2030 දී චීනයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කාබන් මධ්‍යස්ථභාවය සාක්ෂාත් කර ගැනීම ප්‍රකාශ කළේය. වරක් ඇමරිකා‍වේ ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගාරයේ සේවය කළ බලශක්ති ප්‍රතිපත්ති පර්යේෂකයෙකු වන Mark Levine පැවසුවේ  චීනයේ කාබන් මධ්‍යස්ථතා ඉලක්කය වෙන කවරදාටත් වඩා ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අනෙකුත් රටවල් දිරිගන්වන බවයි.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම යන මාතෘකාව යටතේ චීනය ලෝකයට දැඩි අධිෂ්ඨානයක් සහ ක්‍රියාමාර්ගයක් පෙන්වා දී තිබේ .

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන