ඇමරිකාව බෙයිජිං Xiangshan සාකච්ඡා මණ්ඩපයෙන් නැඟණු හඬට සැලකිල්ලෙන් සවන් දිය යුතු ය
2021-10-28 10:55:36
Share with:

බෙයිජිං Xiangshan වාර්ෂික සාකච්ඡා මණ්ඩපයේ විශේෂඥ වීඩියෝ හමුව පසුගිය 26 වනදා අවසන් විය. විශාල රටවල් අතර පවතින සම්බන්ධතා, ආසියා ශාන්තිකර කලාපීය ආරක්ෂාව, බහුපාර්ශ්විකවාදය හා ජාත්‍යන්තර පද්ධතිය යන තේමා කෙරෙහි රටවල් 20ක විශේෂඥයෝ 50 ක වැඩි පිරිසක් ගැඹුරු ලෙස සාකච්ඡා පවත්වමින් අදහස් හුවමාරු කර ගත්හ.

ඇමරිකාවෙන් ආසියා ශාන්තිකර කලාපයේ ආරක්ෂාවට එල්ල වූ බලපෑම් පිළිබඳවත් එම ප්‍රශ්නය ඇතිවීමට බලපෑ මූලික හේතු පිළිබඳවත් එහිදී විශේෂඥයින්  සාකච්ඡා කර ඇත. ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය ලෝකයේ විවිධ කලාපයන්හි ගැටුම් මතු වීමට හේතු වූ බව එහිදී ඇතැම් විශේෂඥයින් සඳහන් කර තිබේ. බහුපාර්ශ්විකවාදය මුවාවෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකපාර්ශ්විකවාදය මගින් කලාපීය සාමය විනාශ කිරීමේ ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු විය යුතු බව ද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන්, චීනයේ හිටපු ඇමරිකානු තානාපති J. Stapleton Roy මහතා ප්‍රකාශ කළේ, ඇමරිකාව ඉන්දු -ආසියානු කලාපය සඳහා වඩාත් සහ‍භාගීත්ව ප්‍රතිපත්ති යොදා ගෙන චීනය හා වෙනත් කලාපීය රටවල් සමඟ සාමය හා සමෘද්ධිය තහවුරු කළ යුතු බවයි.

ඇමරිකාවෙන් ආසියා ශාන්තිකර කලාපයට එල්ල වූ ආරක්ෂක තර්ජනයට මුහුණ දීම සඳහා එම සාකච්ඡාවට එක්වූ විශේෂඥයන් නිසි ප්‍රතිපියවර ඉදිරිපත් කර ඇත. සහයෝගිතා පවත්වා පොදුවේ ජයග්‍රහණ ලබා ගැනීම ස්ථිර ලෙස අනුගමනය කර ගෝලීය ආරක්ෂක පරිපාලනය ප්‍රවර්ධනය කිරීම, එහිදී අවධාරණය කෙරිණ.

එහෙත් විවිධ රටවල විශේෂඥයන් ආරක්ෂක තර්ජනයන්ට මුහුණ දීමේ විසඳුම් සොයා යන අතරතුරම ඊට සමගාමීව ඇමරිකාවේ ගුවන් යානා ප්‍රවාහක නෞකා සමූහය පසුගිය 25 වනදා  දකුණු චීන මුහුදු කලාපයේ ජපානය සමඟ නාවික යුධ අභ්‍යාසයක් පැවැත්වීය.ඇමරිකාවේ එම ක්‍රියාව මගින් කලාපීය තත්ත්වය උග්‍ර වනු ඇති බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන