හැම අවස්ථාවකදී ම රාජ්‍ය කටයුතු වල වැදගත් කොටස් හා කේන්ද්‍රී කරුණු පහසුවෙන් දැකීමේ හැකියාව ඇති චීන ජනාධිපති ෂී ජින් පිං මහතා
2021-10-28 08:22:47
Share with:

දිගු කාලීනව චීන- ප්‍රංශ මිත්‍රත්වය හා දෙරටේ පූර්ණ සහයෝගිතාව ප්‍රවර්ධනයෙහි නියැළි සිටින ප්‍රංශයේ හිටපු අගමැති Jean-Pierre Raffarin මහතා චීන ජනතාවගේ පැරණි මිත්‍රයෙකි. Boao ආසියා සාකච්ඡා මණ්ඩපයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කළ කාලයේ බොහෝ අවස්ථාවලදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමුවී ඇත. දිගු කාලීනව ජගත් ප්‍රජාව චීනය කෙරෙහි පූර්ණ හා සාධාරණ අවබෝධයක් ලබා ගැනීම සඳහා Jean-Pierre Raffarin මහතා දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් 2019 වසරේ සැප්තැම්බර් මස 17 වනදා ෂී ජින්පිං මහතා ජනාධිපති තීරණයක් නිකුත් කරමින් Jean-Pierre Raffarin මහතාට “මිත්‍ර පදක්කම”පිරිනැමීය. ඉතා ශක්තිමත් උපාය මාර්ගික සංකල්පයක් සහිත ෂී ජින් පිං මහතා හැම අවස්ථාවකදී ම රාජ්‍ය කටයුතු වල වැදගත් කොටස් හා කේන්ද්‍රීය කරුණු පහසුවෙන් දැකීමේ හැකියාව ඇති පුද්ගලයෙක් යැයි Jean-Pierre Raffarin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන