චීනය පොදු සංවර්ධනය සඳහා කැපවී සිටී
2021-10-26 19:18:25
Share with:

චීනය පොදු සංවර්ධනය සඳහා කැපවී සිටී_fororder_中国致力于共同发展欢迎世界各国搭乘“快车”

"චීන ජනතාව 'ටැන්සානියා දුම්රියේ' සිට 'එක් තීරයක් එක් මාවතක්  ' දක්වා පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකි අන්දමින් ආධාර සපයා චීනයේ සංවර්ධනය හරහා ලෝකයට නව අවස්ථා ලබා දීමට අඛණ්ඩව කටයුතු කරයි." යනුවෙන් ජනාධිපති ෂී ජින්පිං ඊයේ (25 ) චීනය එක්සත් ජාතීන්ගේ නීත්‍යනුකූල ආසනය යළි හිමි කර ගැනීමේ 50 වැනි සංවත්සර රැස්වීම අමතමින් පැවසීය. චීනය ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවයේ රැඳී සිටී. ගෝලීය සංවර්ධනයට දායක වන අතර, ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීම සඳහා ලෝකය ඒකාබද්ධව ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවට ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කළේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එදිනම ප්‍රකාශ කළේ චීනයේ සංවර්ධනය ලෝකයට අවස්ථා ගෙන දෙන බවයි.

නව චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීත්‍යනුකූල ආසනය නැවත ලබා ගැනීමෙන් පසු වසර 50 ක් යනු චීනයේ සාමකාමී සංවර්ධනයේ සහ මානව වර්ගයාගේ ප්‍රතිලාභයේ වසර 50 කි. චීන ආර්ථිකය වසර ගණනාවක් පුරා ‍වේගවත් සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ලෝක ආර්ථික වර්ධනය සඳහා එහි දායකත්වය අඛණ්ඩව වසර 15 ක් ලෝකයේ පළමු ස්ථානයට පත්ව තිබේ.එය රටවල්වලට වෙළඳපල අවස්ථා, ආයෝජන අවස්ථා සහ වර්ධන අවස්ථා අඛණ්ඩව ලබා දී තිබේ.

චීනය විසින් යෝජනා කරන ලද "එක් තීරයක්, එක් මාවතක්" වැඩසටහන මගින් ගෝලීය සංවර්ධනය සඳහා පුළුල් අවකාශයක් විවෘත කෙරෙන අතර අදාළ රටවල සහ කලාපවල ආර්ථික හා සමාජීය සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම ද ඵලදායී ලෙස ප්‍රවර්ධනය කෙරේ. චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරීම ගෝලීය සංවර්ධන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නව ජවයක් ලබා දී තිබේ .

සංවර්ධනයේ නව අදියරකට පිවිසෙමින්, චීනය නිරන්තරයෙන් සිය ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් ගෝලීය සංවර්ධන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට සහ විවෘත කිරීමට උත්සාහ කරයි. චීනයේ සංවර්ධනය සැම විටම ලෝකයට අවස්ථාවක් ඔප්පු වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන