චීනයට ලෝක සාමය ආරක්ෂා කළ හැක්කේ ඇයි ?
2021-10-26 10:59:36
Share with:

චීනයට ලෝක සාමය ආරක්ෂා කළ හැක්කේ ඇයි ?_fororder_IMG_2764(20211026-110123).JPG

චීනය සැමවිටම සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් ලෝක සාමය ආරක්ෂා කරන බව ඊයේ (25)  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍යනුකූල ආසනය යළි ලබා ගැනීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් සමුළුව අමතමින් පැවසීය. ගත වූ වසර 50 තුළ චීනය සාමකාමී සහපැවැත්ම පිළිබඳ පංචශීල පිළිවෙත අනුගමනය කරමින් යුද්ධ හෝ ගැටුම් ඇති කර නොමැත. සෙසු රටවල දේශභූමියෙන් අඟලක් වත් අත්පත් කර ගෙන නොමැත. චීනය වත්මන් ලෝකයට අවශ්‍ය සාමකාමී බලවේගයක් බව ප්‍රංශයේ හිටපු අග්‍රාමාත්‍ය Jean-pierre raffarin මහතා පවසා ඇත්තේ එබැවිනි.

චීනය    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක රටවල් අතරට අයත් රටකි. සාමකාමී මාර්ගයෙන් දේශපාලන ගැටුම් නිරාකරණය කළ යුතු බව චීනය සැමවිටම පවසයි. එමෙන් ම ජාත්‍යන්තර කටයුතුවලදී සන්නද්ධ බලය යොදා ගැනීමටත් සන්නද්ධ බලය භාවිත කරන බව හැඟවීමටත් චීනය තරයේ විරුද්ධය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් වශයෙන් චීනය මේ වන විට සිය භටයන් 50 දහසකට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් යොදවා ඇත. චීනය එක්සත් ජාතීන්ගේ 2වැනි විශාලතම සාම සාධක දායකයා බවට පත් ව සිටී. මීට අමතරව , චීනය ජාත්‍යන්තර අවි පාලන සහ නිරායුධකරණ ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී වී තිබේ. මේ වන විට චීනය න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත ගිවිසුම ඇතුළු ජාත්‍යන්තර අවි පාලන ගිවිසුම් සහ යාන්ත්‍රණ 20 කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ වී ඇත.

චීනයට ලෝක සාමය ආරක්ෂා කළ හැක්කේ ඇයි ? වසර 5000කට වැඩි ඉතිහාසයක් ඇති චීන සංස්කෘතික උරුමයෙන් පමණක් නොව සාමයට ලැදි පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන තන්ත්‍රයෙන් ද ඊට පිළිතුරු සොයා ගත හැක.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන