මානව හිමිකම් ප්‍රයෝජනයට ගනිමින් ඇමරිකාව නිර්මාණය කරන ලද නාට්‍යය
2021-10-23 17:04:30
Share with:

මානව හිමිකම් ප්‍රයෝජනයට ගනිමින් ඇමරිකාව නිර්මාණය කරන ලද නාට්‍යය_fororder_rBABC2FxVJqAAthsAAAAAAAAAAA102.897x504.800x450

පසුගිය 21 වනදා ඇමරිකානු රාජ්‍ය දේපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මානව හිමිකම් වලට හා එහි වැසියන්ගේ නිදහසට හානි සිදු වූ බවයි. එම නිවේදනය මගින් ඇමරිකාව චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතිකාරක්ෂණ නීතියට අපකිර්තියට පත් කරමින් චීන විරෝධී පුද්ගලයන් නිදහස් කරන ලෙස චීනයට අයුතු බලපෑම් කර ඇත. කිසිම කාර්යභාරයක් ඉටු කළ නොහැකි එම අසත්‍ය කතාව මගින් ඇමරිකාවේ ද්විත්ව ප්‍රමිතීන් හා හොංකොං හි ස්ථාවරත්වය විනාශ කිරීමේ සැබෑ අරමුණ පිළිඹිබු විය.

පසුගිය 21 වනදා පැවැත්වූ එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සම්මේලනයේ තුන් වන සාමාජික සාකච්ඡාවකදී රටවල් 60ක් පොදු ප්‍රකාශනයක් නිකුත් කර ඇත. චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ “එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අනුබල දෙන බව එම ප්‍රකාශනයේ සඳහන් විය.අදාළ රටවල එම නිවේදනය මගින් මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණයට හා ද්විත්ව ප්‍රමිතීන්ට විරෝධය පළ කෙරේ.

ජගත් ප්‍රජාවේ යුක්ති සහගත හඬට සවන් දිය යුතු ඇමරිකාව සිය රට තුළ දිගුකාලීනව සිදු කළ ජන සංහාරයන්ට,වසංගත මර්දනය කිරීමේදී ජන ජීවිතය නොසැලකිල්ලක් දැක්වීමට, යුද්ධ මගින් වෙනත් රටවල විශාල මානවවාදී විපත් ඇති කිරීම යන ක්‍රියාවන්ට නිසි ආකාරයෙන් මුහුණ දිය යුතුය.

මානව හිමිකම් ප්‍රයෝජනයට ගනිමින් ඇමරිකාව නිර්මාණය කරන ලද “මානව හිමිකම් නාට්‍යය ”පිළිබඳව ලෝකය ඉතා පැහැලිදිව අවබෝධ කර ගෙන ඇත.චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මානව හිමිකම් හා එහි වැසියන්ගේ නිදහස කෙරෙහි ඇමරිකාව දැක්වූ සැලකිල්ල කුහකකමකි. හොංකොං හි දිගු කාලීන සුරක්ෂිතභාවය ඇති කිරීම, ඇමරිකාවේ මූලික සැලකිල්ලට ලක්වන්නක් නොවේ.ඇතැම් චීන විරෝධි පුද්ගලයන් ප්‍රයෝජනයට ගනිමින් ගැටළු ඇති කර  හොංකොං හි ස්ථාවරත්වය විනාශ කර චීනයට බාධා ඇති කිරීම ඇමරිකාවේ සැබෑ අරමුණ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන