කහ ගංගා නිම්නයේ ‍ජෛව පාරිසරික ආරක්ෂාව ගැඹුරින් ප්‍රවර්ධනය කිරීම තුළින් හරිත සංවර්ධනය සඳහා චීනයේ දැඩි කැපවීම පෙන්නුම් කෙරේ
2021-10-23 17:31:05
Share with:

කහ ගංගා නිම්නයේ ‍ජෛව පාරිසරික ආරක්ෂාව ගැඹුරින් ප්‍රවර්ධනය කිරීම  තුළින් හරිත සංවර්ධනය සඳහා චීනයේ දැඩි කැපවීම පෙන්නුම් කෙරේ_fororder_src=http___p6.itc.cn_images01_20200720_6177cb1177b14c55bdeaaab7713d8048.jpeg&refer=http___p6.itc

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය දිනවල Shandong පළාතේ නිරීක්ෂක චාරිකාවක නිරත විය. හෙතෙම කහ ගංගා නිම්නයේ ජෛව සුරක්ෂිතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තහවුරු කිරීම පිළිබඳ සාකච්ඡාවට එක් වූයේය. චීනයේ 14 වන වැනි පස් අවුරුදු සැලැසුම් කාලය තුළ කහ ගංගා නිම්නයේ ජෛව සුරක්ෂිතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ කැපී පෙනෙන ප්‍රතිඵල දිනා ගනිමින් සදාකාලික ජයග්‍රහණ ලබා ගැනීම සඳහා චීන ජාතිකයන් උත්සාහ දරනු ඇතැයි හෙතෙම එහිදී අවධාරණය කළේය. පාරිසරික ප්‍රමුඛතාවය සහ හරිත සංවර්ධනය සමඟ නවීකරණයේ මාවත අනුගමනය කිරීමේ චීනයේ නොසැලෙන අධිෂ්ඨානය එයින් පැහැදිලිව දක්නට ලැබේ.

මෑත වසර කිහිපය තුළ ෂී ජින් පිං මහතා රට පුරා සිදු කර ඇති සැම නිරීක්ෂක චාරිකාවලදී ම ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය වැදගත් න්‍යාය පත්‍රයක් විය. ජෛව ශිෂ්ටාචාර සංවර්ධනයට, වත්මන් චීනයේ පාලනය තුළ ලැබී ඇති වැදගත්කම ඉන් පිළිඹිබු වේ. චීනය සැම විට ම පාරිසරික ප්‍රමුඛතාවයට හා හරිත සංවර්ධනයට අනුමත වන අතර පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කරයි. චීනය තමන්ගේම ක්‍රියාවන් තුළින් ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් සපයන අතර ලෝකය මුහුණ දෙන ජෛව පාරිසරික අභියෝගයන් ජය ගැනීමට දායක වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන