චීන ජනාධිපතිවරයා කහ ගංගා ඩෙල්ටාව ආශ්‍රිත කෘෂිකාර්මික අධිතාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශන කලාපයට පැමිණෙයි
2021-10-22 18:44:28
Share with:

චීන ජනාධිපතිවරයා  කහ ගංගා ඩෙල්ටාව ආශ්‍රිත කෘෂිකාර්මික අධිතාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශන කලාපයට පැමිණෙයි_fororder_1127983425_16348664965561n

චීනයේ Shandong පළාතේ Dongying නගරයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කහ ගංගා ඩෙල්ටාව ආශ්‍රිත කෘෂිකාර්මික අධිතාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශන කලාපයට පැමිණෙයි.

වර්ග කීලෝමීටර් 350ක විශාලත්වයකින්  යුත් එම කලාපය ඉතිහාසයේ ලවණ හා ක්ෂාරීය භූමියක් විය. එම තත්ත්වය පාලනය කරමින් සංයෝගාත්මකව ගවේෂණය කර ගැනීම එම කලාපයේ මූලික කාර්යභාරයක් විය. පාංශු සම්පත් යහපත් කරලීම, ලවණවලට ඔරොත්තු දෙන ශාඛ වර්ග ‍වර්ධනය කිරීම, සුහුරු කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ යොදා ගැනීම ඇතුළු ක්‍රමවලින් දැනට එම කලාපය සාරවත් භූමියක් බවට පත් වී ඇත.

චීන ජනාධිපතිවරයා  කහ ගංගා ඩෙල්ටාව ආශ්‍රිත කෘෂිකාර්මික අධිතාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශන කලාපයට පැමිණෙයි_fororder_微信图片_20211022183957

අනතුරුව චීන ජනාධිපතිවරයා Yangmiao ජන ප්‍රජාව නිරීක්ෂණය කළේය. ගම්මාන 11කින් සංක්‍රමණය වූ පවුල් 1500ක පුරවැසියෝ 4700ක් පමණ එහි වාසය කරති. ගංවතුර ප්‍රශ්නය විසඳීම සඳහා එම පුරවැසියන් කලින් සිටි ගම්මාන ප්‍රදේශවලින් ඉවත් කොට Yangmiao ජන ප්‍රජාවෙහි යළි පදිංචි කෙරිණ. එම පිරිසේ ජීවන තත්ත්වය පිළිබඳව සැලකිල්ල දැක්වූ ජනාධිපතිවරයා ‘කහ ගංගාව ජනතාවට සුබසෙත සලසන ගංගාවක් බවට පත් කළ යුතුයි’ යනුවෙන් ද පවසා ඇත. ඔහුගේ උපදෙස් අනුව කහ ගංගාශ්‍රිත ප්‍රදේශයේ ජෛව සුරැකුම හා ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය දැනට දැවැන්ත ජාතික උපාය මාර්ගයක් බවට පත් වී ඇත.

චීන ජනාධිපතිවරයා  කහ ගංගා ඩෙල්ටාව ආශ්‍රිත කෘෂිකාර්මික අධිතාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශන කලාපයට පැමිණෙයි_fororder_1127983425_16348664798751n

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන