චීන ජනපති Dong Ying නගරය නිරීක්ෂණය කරයි
2021-10-22 15:12:55
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(21) Shan Dong පළාතේ Dong Ying නගරය අඛණ්ඩ ව නිරීක්ෂණය සිදු කළේ ය.

කහ ගංගා ඩෙල්ටා කෘෂිකාර්මික අධි තාක්ෂණ කර්මාන්ත ප්‍රදර්ශන කලාපය, Kenli දිස්ත්‍රික්කයේ Yangmiao ජන ප්‍රජාව, Shengli ඛනිජතෙල් බිම් ගවේෂණ හා සංවර්ධන පිළිබඳ පර්යේෂන ඇකඩමිය හා තෙල්ළිං වේදිකාව හෙතෙම පිළිවෙළින් නිරීක්ෂණ කළේ ය. කහ ගංගා ඩෙල්ටා විස්තීරණ පාලනය හා නූතන කෘෂිකර්මාන්ත ප්‍රගමනය, ජනතාවගේ නේවාසික තත්ත්වය, Shengli ඛනිජතෙල් බිම හා බැඳුණු නිර්මාණශීලීත්වයෙන් යුතු නව ප්‍රගතීන් කෙරෙහි ෂී ජින් පිං මහතා එහිදී දැඩි අවධානය යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන