ෂී ජින්පිං මහතා 2021 වසරේ සිදු කළ 11 වන දේශීය නිරීක්ෂණ චාරිකාව
2021-10-21 20:38:16
Share with:

ෂී ජින්පිං මහතා 2021 වසරේ සිදු කළ 11 වන දේශීය නිරීක්ෂණ චාරිකාව_fororder_1127980713_16348025113741n

පසුගිය 20 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2021 වසරේ 11 වන දේශීය නිරීක්ෂණ චාරිකාව සිදු කළේය. Shandong පළාතේ Dongying නගරයට පැමිණි ඔහු කහ ගංගා මෝය කලාපය නිරීක්ෂණය කර ඇත.

නව චීනය පිහිටුවීමට පෙර වසර 2500ක කාලයක් තුළ කහ ගංගාවේ ගංවතුර ගැලීම 1500කට වැඩි වතාවක් සිදු විය. කහ ගංගාශ්‍රිත ප්‍රදේශයේ ජනතාවගේ සාමකාමී ජීවිතය සඳහා එහි ජල-වැලි සම්බන්ධීකරණය මනා ලෙස පාලනය කළ යුතුය. මෑත වසර වල  Dongying නගරය ගංගා මාර්ග හා ඉවුරු සංයෝගාත්මක පාලන ව්‍යාපෘතියක් මෙහෙයවමින් ක්‍රමයෙන් ස්ථාවර ගං වතුර වැළැක්වීමේ තීරයක් ගොඩනගමින් පවතී.

ෂී ජින්පිං මහතා 2021 වසරේ සිදු කළ 11 වන දේශීය නිරීක්ෂණ චාරිකාව_fororder_1127980713_16348024782311n

අනතුරුව ෂී ජින්පිං මහතා කහ ගංගා ඩෙල්ටා ජෛව අධීක්ෂණ මධ්‍යස්ථානය හා එම ප්‍රදේශයේ ඇති ජාතික සොබාදම් සුරැකුම් කලාපයේ නිරීක්ෂණය කළේය.

කහ ගංගා ඩෙල්ටා කලාපය පක්ෂීන්ගේ සංක්‍රමණයට ඉතා වැදගත් නැවතුම් පොලකි. වාර්ෂිකව කුරුල්ලෝ මිලියන හයක් පමණ එම කලාපයට පැමිණෙති. පක්ෂීන් පිළිබඳ දෙස් විදෙස් විශේෂඥයින් විසින් එම කලාපය කුරුල්ලන්ගේ ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස හඳුන්වනු ලබයි.

ෂී ජින්පිං මහතා 2021 වසරේ සිදු කළ 11 වන දේශීය නිරීක්ෂණ චාරිකාව_fororder_dd5b203bce0a4359b48c0a3639aab815

වසර 1992 ඔක්තෝබර් මාසයේ ආරම්භ කෙරුණු කහ ගංගා කලාපීය ජාතික සොබාදම් සුරැකුම්  කලාපයේ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1530කි.

මේ වන විට කහ ගංගා ඩෙල්ටා කලාපයේ තෙත්බිම් වර්ග කීලෝමීටර් 188ක් අලුතෙන් පුනරුත්ථාපනය කරනු ලැබ ඇත. වසර 2017  සිට එම ප්‍රදේශයේ ජල ගුණාංගය, ස්ථිර ලෙස Ⅱ වන මට්ටමේ පවතී.

ෂී ජින්පිං මහතා 2021 වසරේ සිදු කළ 11 වන දේශීය නිරීක්ෂණ චාරිකාව_fororder_7cb903c224b24aefa812cf4b359747e0

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන