චීන ජනාධිපතිවරයා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Dongying නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2021-10-21 16:36:25
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්,චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඊයේ (20) නැගෙනහිර චීනයේ Shandong පළාතේ Dongying නගරයේ පිහිටි කහ ගංගා මෝය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.කහ ගංගා මෝය ප්‍රදේශයේ වරාය, කහ ගංගා ඩෙල්ටාව ජෛව අධීක්ෂණ මධ්‍යස්ථානය, කහ ගංගා ඩෙල්ටා ජාතික සුරැකුම් කලාපය යන ස්ථානවලට පැමිණි ෂී ජින් පිං මහතා එහි ජල තත්ත්වය ,තෙත්බිම් ජෛව පරිසරය පරීක්ෂා කරමින් කහ ගංගා නිම්නයේ ජෛව සුරැකුම් කටයුතු හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය විමසා බලා ඇත.

කහ ගංගා ඩෙල්ටාව චීනයේ උණුසුම් කලාපයේ ඇති වඩාත්ම පූර්ණ තෙත්බිම් ජෛව පද්ධතියය. එම ඩෙල්ටාවේ ආරක්ෂක කටයුතු මනා ලෙස සිදු කරමින් ජෛව පද්ධතියේ විධිමත් තත්ත්වය ප්‍රවර්ධනය කරමින් එහි ජෛව විවිධත්වය වැඩිදියුණු කළ යුතු බව චීන ජනාධිපතිවරයා පැවසීය. ඔහු එසේ පැවසුවේ වසර 2019 සැප්තැම්බර් මාසයේ කහ ගංගාශ්‍රිත ප්‍රදේශයේ ජෛව සුරැකුම් හා ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන