ඇමරිකාව මානව හිමිකම් ගුරුවරයා ලෙසට සිදු කළ ස්වයං හැඳින්වීම, බිඳ වැටේ
2021-10-19 20:37:05
Share with:

ඇමරිකාව මානව හිමිකම් ගුරුවරයා ලෙසට සිදු කළ ස්වයං හැඳින්වීම, බිඳ වැටේ_fororder_微信图片_20211019202709

ඇමරිකානු නායකයා මෑතකදී දේශනයක් සිදු කරමින් චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ බලහත්කාරයෙන් වැඩ ගැනීම පවතින බව පවසමින් යළිත් චීනයට අපහාස කිරීමට තැත් කර ඇත. එහෙත් ‍මානව හිමිකම් ප්‍රශ්නය ප්‍රයෝජනයට ගෙන චීනයට පහර දීම තුළින් ඇමරිකාවට ඊනියා ‘සදාචාරාත්මක නායකත්වය’ ලබා ගැනීමට නොහැකි වූ අතර මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් එරට අනුගමනය කළ ද්විත්ව ප්‍රමිතිය හා දැක්වූ කුහකකම යළිත් අනාවරණය විය.

ෂින්ජියං ප්‍රදේශයේ ඊනියා බලහත්කාරයෙන් වැඩ ගැනීම හා ජන ඝාතනය පැවතීම යන චෝදනා සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇමරිකාවට ‍නොහැකි වූ බව ලෝක  ප්‍රජාවට දක්නට ලැබේ. එහෙත් ෂින්ජියංහි මානව හිමිකම් තත්ත්වය පිළිබඳව හිතාමතාම චෝදනා නගමින් සිය සන්ධානයට අයත් රටවල් සමග එක්ව චීනයට පීඩනය එල්ල කිරීමට ඇමරිකාව දිගු කාලයක් පුරා තැත් කර ඇත.

කෙසේ වුවද අසත්‍යය දහස් වරක් ප්‍රකාශ කළද එය අසත්‍යයමය. ඊනියා ‘උයිගුර් විශේෂ අධිකරණය’ සඳහා පෙනී සිටි සාක්ෂිකරුවන්ට ගාස්තු ගෙවීම පිළිබඳ පුවත් විදේශ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි වී තිබිණ. ‘ෂින්ජියංහි මානව හිමිකම් ප්‍රශ්නය’ යන්න, බටහිර ලෝකයේ සිටින චීන විරෝධී පුද්ගලයින් ගොනු කළ බොරු රාශියක් අතරින් එකක් පමණක් බව පැහැදිලිය. ෂින්ජියංහි කර්මාන්ත වර්ධනයට පීඩනය යොදා එහි ස්ථාවරත්වය විනාශ කිරීම මගින් චීනයේ සංවර්ධනයට බාධා කිරීම ඔවුන්ගේ සැබෑ අරමුණය.

ඇමරිකාව මානව හිමිකම් ප්‍රශ්නය හේතු කොට ගෙන චීනයේ ෂින්ජියං ප්‍රදේශය පිළිබඳව චෝදනා කිරීමට පුරුදු ව සිටියද, එම උපාය ක්‍රමයෙන් ඵලදායක නොවන බව දක්නට ලැබේ. ඇමරිකාවේ මානව හිමිකම් අපරාධ සඳහා පැහැදිලි කරුණු කාරණා හා සාක්ෂි පවතින බව ලෝ වැසියන් තේරුම් ගැනීම ඊට හේතුවය. රතු ඉන්දියානු ජාතිකයින් ඝාතනය කිරීම, ඇමරිකාවේ ‘නවීන වහල් ක්‍රමය’ පිළිබඳ සංසිද්ධිය,  සිය හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේදී එරටේ සිදු කළ අපරාධ...මේ සියල්ල තුළින්, ඇමරිකාව මානව හිමිකම් ගුරුවරයා ලෙසට සිදු කළ ස්වයං හැඳින්වීම, බිඳ වැටී අවසන්ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන