චීන ආර්ථික‍යේ ව්‍යුහාත්මක යහපත්වීම මගින් අනාගත ආර්ථික සංවර්ධනයට ශක්තිමත් බලයක්
2021-10-18 19:27:47
Share with:

චීන ආර්ථික‍යේ ව්‍යුහාත්මක යහපත්වීම මගින් අනාගත ආර්ථික සංවර්ධනයට ශක්තිමත් බලයක්_fororder_44d2ae4799c664a4d19a63555a3624d4

මුල් කාර්තු තුන තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 9.8කින් වැඩි වූ බව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(18) ප්‍රකාශ කර ඇත. පරිභෝජනය, කාර්මික නිෂ්පාදනය, නිශ්චල දේපල ආයෝජනය, රැකියා නියුක්තිය හා ජනතාවගේ ආදායම අතින් ලද දත්ත, හේතු සහගත පරාසයක පවතින බව ද හෙළි වේ. චීන ආර්ථිකය අවදානම් අභියෝග රැසකින් ජය ගෙන අඛණ්ඩ ව පුනරුත්ථාපනය වෙමින් තිබෙන බව ඉන් පිළිබිඹු විය හැකිය.

සිය වාර්ෂික ආර්ථික හා සමාජයීය වර්ධන ඉලක්කය ළඟා කර ගැනීමට චීනයට හැකියාව මෙන් පහසුකම් ද ඇති බව පොදුවේ අදහස් කෙරේ. චීනය නියම කළ මෙම වසරේ සියයට 6ක අපේක්ෂිත වර්ධන වේගය සාක්ෂාත් කර ගැනීම පිළිබඳව අර්ථ ශාස්ත්‍රඥයින් සර්ව සුබවාදී ආකල්පයකින් සිටින බව The Wall Street Journal පුවත්පත වාර්තා කරයි.

මේ අතර මුල් කාර්තු තුනේ ආර්ථික ක්‍රියාකාරීත්වය හතර වන කාර්තුවට මනා පදනමක් වී ඇති බව දක්නට ලැබේ. ආයෝජනය යහපත් වීමේ ප්‍රවණතාවක පවතී. ජාතික ආර්ථික ප්‍රතිසාධනය හා ජගත් අවශ්‍යතාව වැඩි වීමේ තත්ත්වය යටතේ විදේශ වෙළඳාම ද කැපී පෙනෙන ලකුණක් ලබා ගෙන ඇත. ඊටත් වඩාත් වැදගත් වන්නේ චීන ආර්ථික‍යේ ව්‍යුහාත්මක යහපත්වීම මගින් අනාගත ආර්ථික සංවර්ධනයට ශක්තිමත් බලයක් අඛණ්ඩව ලබා දිය හැකි වීමය.

ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථික ස්වභාවය වශයෙන් චීන ආර්ථිකයේ පුනර්ජීවනය ලෝක ආර්ථිකයට අතිශයින් වැදගත්ය. මෙම වසරේ ආර්ථික හා සමාජයීය ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියේදී චීනය අඛණ්ඩව, ක්‍රමානුකූලව, විධිමත් ලෙස ආර්ථික පුනර්ජීවනයට අදාළ සෑම පියවරක්ම මනා ලෙස තබමින් සිය වෙළඳපොලේ ප්‍රාණවත්භාවය ප්‍රබෝධමත් කිරීමටත් සංවර්ධන හැකියාව පෝෂණය කර ගැනීමටත් අභ්‍යන්තර අවශ්‍යතාවෙහි සැඟවුණු හැකියාව ගවේෂණය කිරීමටත් කටයුතු කරනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන