කසක්ස්ථාන හිටපු උප ජාතිකාරක්ෂක ඇමතිවරයා විස්මිත ‍ආකාරයකින් මිය ගියේය----මෙහි තර්ජනය වඩාත් සෘජු ය!
2021-10-18 21:08:47
Share with:

කසක්ස්තාන උප ජාතිකාරක්ෂක ඇමතිවරයා විස්මිත ‍ආකාරයකින් මිය ගියේය----මෙහි තර්ජනය වඩාත් සෘජු ය!_fororder_下载

"යුද දේශපාලන විශ්ලේෂණය" නම් රුසියානු වෙබ් අඩවිය ‘කසක්ස්ථානයේ ඇමරිකානු ජීව විද්‍යාගාරය’ නමැති ලිපියක් පසුගිය අගෝස්තු මස 22වැනිදා පළ කළේය. එම ලිපිය මෙසේ ය.

රුසියානු ජාතිකාරක්ෂක අමාත්‍යාංශයට අයත් රූපවාහිනී සේවයක් වාර්තා කළ පරිදි, අල්මාටි මධ්‍යම විශේෂ රසායනාගාරය අයත් වන්නේ කසක්ස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිශය භයානක බෝවන රෝග පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයට ය. ඇමරිකාවේ පෙන්ටගනයේ කොන්ත්‍රාත්කරු සමඟ ඇති සමීප සහයෝගීතාව එම මධ්‍යස්ථානයට කිසිම රහසක් නොවේ. පෙන්ටගනයේ කොන්ත්‍රාත්කරු වන CH2M Hill Constructors, Inc සමාගමේ මිත්‍රශීලී සහයෝගය වෙනුවෙන් හදවතින් ස්තූති කරන ලෙස 2021 අප්‍රේල් මාසයේදී කසක්ස්ථාන බෝවෙන රෝග විශේෂඥයෝ ප්‍රවෘත්තියක් නිකුත් කළහ.

එහෙත් අල්මාටි මධ්‍යම විශේෂ රසායනාගාරයේ විවිධ අධ්‍යයන කටයුතු සඳහා බටහිර විශේෂඥයින් අරමුදල් සැපයීම තර්ජනය මගින් අඩු කර ඇති නිසා වෛරස් හුදකලා විදේශ රටවල් වෙත ප්‍රවාහනය කර තිබෙන බව සාක්ෂි දරයි.

කසක්ස්ථානයේ ඇමරිකානු ජීව විද්‍යාගාරයෙන් එරට ජනතාවට අවදානමක් මතු වී ඇති බව ඉන් පෙනේ. කසක්ස්ථානයේ හිටපු ජාතිකාරක්ෂක ඇමති අමිර්බෙක් ටොගුසොව් මහතා මෙම "මළ කම්හල් " විනාශ කිරීමට වසර ගණනාවක් පුරා කටයුතු කළේය. රැස්වීමකදී ඇමරිකානු ජීව විද්‍යාගාර මධ්‍යම ආසියාවට දැඩි තර්ජන එල්ල වීම පිළිබඳ සවිස්තර වාර්තාවක් පළ කිරීමට සැලසුම් කළ නමුත් ඉන් පසු නොබෝ කලකදී ‍ඔහු අමුතු ආකාරයකින් මිය ගියේය.
 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන