2වැනි එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර ප්‍රවාහන සමුළුවේ දී චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ තීරණ ජගත් ප්‍රජාවේ ඉහළ ඇගයීමට
2021-10-15 20:59:08
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (14) වීඩියෝ ආකාරයෙන් 2වැනි එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර ප්‍රවාහන සමුළුවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. ආර්ථිකය වර්ධනය කිරීමට නම් ප්‍රවාහනයට මුල් තැන දිය යුතු ය. කොවිඩ් වසංගතය හමුවේ ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වයක පවතී. විවිධ රටවල් මුහුණ දී සිටින්නේ විවිධ ගැටළු සහගත තත්ත්වයන්ට ය. විවෘතභාවය සහ අන්තර් සබඳතා හා අන්තර් කාර්යය, පොදු සංවර්ධනය, නවෝත්පාදනයන් අනුව කටයුතු කිරීම, ජෛව සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදීම, බහුපාර්ශ්වවාදයේ එල්බ සිටීම, ගෝලීය කළමනාකරණය පූර්ණ කිරීම යනාදි කරුණු සහිත ව චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් යෝජනා 5ක් ඉදිරිපත් කර ඇත. එය, ‍ගෝලීය තිරසර ප්‍රවාහන සංවර්ධනය සඳහා වන නිසි මඟපෙන්වීමකි.

මේ වන විට චීනය විශාල ප්‍රවාහන රටක සිට ශක්තිමත් ප්‍රවාහන රටක් වෙත ගමන් කරමින් සිටී. එය, ගෝලීය තිරසර ප්‍රවාහන සංවර්ධනය සඳහා රුකුලක් ලබා දී තිබේ. ලෝකයේ ඉහළම සමුද්‍රීය සම්බන්ධතාව සහ විශාලතම වෙළඳ භාණ්ඩ ප්‍රමාණය ඇති ආර්ථිකය බවට චීනය පත් ව ඇත. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ වෙනුවෙන් චීනය රටවල් 140ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32ක් සමග අත්සන් කළ සහයෝගිතා ලියවිලි 200ක් පමණ අතරින් බහුතරය ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ වේ.

මෙවර එක්සත් ජාතීන්ගේ ගෝලීය තිරසර ප්‍රවාහන සමුළුවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා චීනය වැදගත් තීරණයක් ගත් බව ප්‍රකාශ කළේ ය. එම තීරණය වන්නේ චීන ජාත්‍යන්තර තිරසර ප්‍රවාහන නවෝත්පාදන හා දැනුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ය. මෙය, චීනය ගෝලීය ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉටු කරන නව මෙහෙවරකි. චීනය ගත් එම තීරණය ජගත් ප්‍රජාවේ ඉහළ ඇගයීමට ලක් වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන