චීන ජනපති සහ ජර්මානු චාන්සලර්වරිය අතර සාකච්ඡා
2021-10-14 10:43:40
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ජර්මානු චාන්සලර් Angela Merkel මහත්මිය අතර සාකච්ඡාවක් වීඩියෝ ආකාරයෙන් ඊයේ(13) පැවැත්විණ.

ගතවූ වසර කිහිපය තුළ, දෙරට අතර මෙන් ම චීන-යුරෝපා සබඳතා වර්ධනය වූ බව රාජ්‍යනායක දෙපළ මෙහිදී සිහිපත් කළහ. එසේම, පවතින සුහදශීලී වාතාවරණය යටතේ, ඊට අදාළ වන කරුණු පිළිබඳව ඔවුහු ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ. ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ, චීන ජනතාව මිත්‍රත්වයට දැඩිව ඇලුම් කරන බවයි.  එසේම, ෂී ජින් පිං මහතා, තම රටට පැමිණෙන ලෙස ද ජර්මානු චාන්සලර්වරියට මෙහිදී සාදරයෙන් ඇරයුම් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන