බටහිර රටවල ව්‍යාජ මානව හිමිකම් හා සැබෑ ආධිපත්‍යය පිළිබඳව ජගත් ප්‍රජාවට පැහැදිලි වෙයි
2021-10-11 19:55:56
Share with:

පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48වැනි සමුළුව නිමාවට පත් විය. මාසයක පමණ කාලයක් ඇමරිකාව හා කැනඩාව ඇතුළු බටහිර රටවල පවතින මානව හිමිකම් ගැටළු බොහෝ රටවල විවේචනයට ලක් විය. එම සමුළුව අවසන් වූ දිනයේ  චීනය ඉදිරිපත් කළ “මානව හිමිකම් භුක්ති විඳීම සඳහා යටත් විජිතවාදයෙන් ඉතුරු වූ ප්‍රශ්නවලින් ඇති වූ සෘණාත්මක බලපෑම්” යන යෝජනාව සම්මත විය. බටහිර රටවල ව්‍යාජ මානව හිමිකම් හා සැබෑ ආධිපත්‍යය පිළිබඳව ජගත් ප්‍රජාව පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඇතැයි ඉන් පිළිබිඹු වන බව කිව හැකි ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සංවාද හා සහයෝගිතා පවත්වන වේදිකාවකි. එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එය දේශපාලන ගැටුම්කාරී වේදිකාවක් බවට පත් කිරීමට උත්සාහ කළේ ය. විශේෂයෙන් චීනයේ හොංකොං ප්‍රශ්නය හා ෂින් ජ්‍යං ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන චීනයට එරෙහිව පහරදීමට එම රටවල් උනන්දුව දක්වා තිබේ.එහෙත් එවන් උත්සාහයක් සාර්ථක වී නොමැත. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවේදී 100කට ආසන්න රටවල් විවිධාකාරයෙන් චීනයට සහය පළ කර ඇත. හොංකොං, ටිබෙටය හා  ෂින් ජ්‍යං චීන දේශභූමියේ කොටසක් බැවින් ඊට අදාළ ප්‍රශ්න චීනයේ අභ්‍යන්තර කටයුතු බවත්, එම අභ්‍යන්තර කටයුතුවලට කිසිඳු රටකට මැදිහත් වීමේ අයිතියක් නැති බවත්, එම රටවල් අදහස් පළ කර තිබේ. මීට අමතරව, ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් මුවාවෙන්‍ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ ක්‍රියාකලාපය පුළුල් විවේචනයකට ලක් වී ඇත. චීනය ඉදිරිපත් කළ “මානව හිමිකම් භුක්ති විඳීම සඳහා යටත් විජිතවාදයෙන් ඉතුරු වූ ප්‍රශ්නවලින් ඇති වූ සෘණාත්මක බලපෑම්”යන යෝජනාව සම්මත වී ඇත්තේ බහුතර රටවල් ඊට සහය ලබා දී ඇති හෙයිනි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන